අධික වැසි සහ ගංවතුරෙන්ව විපතට පත් සැමට කඩිනමින් සහන සලසන ලෙස ජනපති උපදෙස් දෙයි
(23.12.2018 – pmdnews.lk) අධික වැසි සහ ගංවතුරෙන් විපතටපත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. ගංවතුර තර්ජනය පහවයනතෙක් තර්ජිත ප්‍රදේශවල වැසියන් සියලු දෙනාවෙත අවශ්‍ය සියලු පහසුකම් නොපමාව සලසන ලෙසත්, ඒ වෙනුවෙන්අවශ්ය ප්‍රතිපාදන කඩිනමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු අදාළ අංශවලට …