Day archives: දෙසැම්බර් 24th, 2018

යහපාලන නිලධාරී මාෆියාවෙන් ITN වල පල්ලට යැවූ හැටි මෙන්න – කළකිරුණු සේවකයෝ ජනපතිට ලියති

(23.12.2018 – colombotoday.com) යහපාලන රජය හරහා අත්තනෝමතික පලිගැනීම් සහ ආයතනයේ ලාංඡණ වෙනස් කිරීම් සහ මූල්‍ය පරිහාණි ඇතුලු දූෂණ ක්‍රියා මත කලකිරීමට සහ සිත් තැවුලට සේවක මඩුල්ල නියෝජනය කරමින් ස්වාධීන රූපවාහිනිය සුරැකීමේ එකමුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

කොළඹ දෙක – වොක්ෂෝල් වීථියේ ගින්නට හේතුව අහස් කූරක්

(23.12.2018 – 16:59 +0530 – hirunews.lk/sinhala) කොළඹ දෙක – වොක්ෂෝල් වීථියේ ගබඩාවක ගින්න හටගෙන ඇත්තේ අහස් කූරක් නිසා බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා. අද දහවල් හට ගත් මෙම ගින්නෙන් වොක්ෂෝල් වීථියේ පිහිටි කාර්යාලයීය උපකරණ නිෂ්පාදනය කරන ආයතනයකට අයත් ගබඩාවක් සම්පූර්ණයෙන්ම ගිනි ගනු ලැබුවා. ගින්නෙන් ගබඩාවට දැඩි හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් …

උතුරට තවදුරටත් වැසි – දිස්ත්‍රික් 5 ක පවුල් 13,000 කට පීඩා – ඉරණමඩු, රාජාංගණය සහ දැදුරුඔයේ වාන් තවමත් විවෘතයි

(23.12.2018 – 18:52 +0530 – hirunews.lk/sinhala) උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 13,646 කට අයත් පුද්ගලයින් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඉන් පවුල් 2661 කට අයත් පුද්ගලයින් 8539 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 52 ක රදවා ඇති බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ. නිවාස 6 …

එජාපෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ – මහින්ද රාජපක්ෂ

(23.12.2018 – 19:23 +0530 – sinhala.adaderana.lk) ඉදිරි මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය කුමන ලෙසකින් තරඟ වැදුනද ඔවුන්ගේ ප්‍රතිපත්ති වලින් මහජනතාවට සෙතක් සිදුනොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළේය. කුමන පක්ෂයකින් පැමිණියද එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂයම වන බවත් ප්‍රතිපත්ති වෙනස් නොවන බවත් මහින්ද රාජපක්ෂ …

ලංකාවට ඇටවූ ජිනීවා උගුල ගැන ඇස් උඩයන කතාවක් ලෝ සුපතල සගරාවක් කියයි..

(23.12.2018 – 03:24 +0530 – lankacnews.com) දෙවරක්ම නොබෙල් සාම ත්‍යාගය සදහා යෝජනා වූ තුර්කි ජාතික මහාචාර්ය මහමත් ගුසෙල් ලංකීක විද්වතෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා සමග එක්ව පර්යේෂණ ආශ්‍ර‍යෙන් සකස් කරනාලද නිබන්දනයක් සුප්‍රකට ශාස්ත්‍රීය සඟරාවක් වන ‘ද වර්ඩ් ඔෆ් ටර්ක්ස්’ (THE WORL OF TURKS) හී අලුත්ම කලාපයේ පලවී ඇත. ලොව පුරා අධ්‍යාපනඥයින් විසින් පරිශීලනය කරනු ලබන …

අයහපත් කාලගුණයෙන් විපතට පත් වන්නි ජනතාවට නාවික හමුදා සහාය

(23.12.2018 – navy.lk) මෙම දිනවල කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට එම ප්‍රදේශවල සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී. එමෙන්ම මේ වන විට ඩිංගි යාත්‍රා 09 ක් සහිත නාවික …