Day archives: දෙසැම්බර් 29th, 2018

සෝපානයක් කඩා වැටී රගර් ක්‍රිඩකයා මිය ගිය හේතුව මෙන්න

(29.12.2018 – 18:51 +0530 – sinhala.adaderana.lk) කොළඹ නවම් මාවතේ පිහිටි රාත්‍රී සමාජශාලාවක විදුලි සෝපානයක් බිමට පතිත වී සිදු වූ අනතුරකින් සීආර් අන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයේ රගර් ක්‍රීඩකයකු මිය ගොස් තිබේ. අනතුරින් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. කොළඹ නවම් මාවතෙහි පිහිටි රාත්‍රී සාමාජ ශාලාවක අද (29) අළුයම 1.50 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි. එහි …

උසස් පෙළ ප්‍රතිඵල හෙට (30)

(29.12.2018 – 13:08 +0530 – hirunews.lk/sinhala) මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (30) දිනයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි. පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් …

බුදු පිළිමවලට හානි කළ අයට නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති කියයි

(28.12.2018 – 18:47 +0530 – hirunews.lk/sinhala) මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට අනර්ථයක් සිදුකළ පුද්ගලයින්ට කිසිදු සහනයක් ලබා නොදී ක්‍රියාකරන ලෙස පොලීසියට දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ, අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් …

ජල ගැල්මෙන් එක්ලක්ෂ 18,500 කට පීඩා

(28.12.2018 – 13:22 +0530 – hirunews.lk/sinhala) උතුර පලාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව එක්ලක්ෂ දහඅට දහස් පන්සිය තිස් අට දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් අතුරින් පුද්ගලයන් 8983 දෙනෙකු මේ වනවිට රඳවා සිටින්නේ ආරක්ෂිත ස්ථාන 27 කයි. එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත් සංඛ්‍යාව එක්ලක්ෂ දහනව දහස් නවසිය අසුදෙදෙනෙක්. …