Monthly archives: පෙබරවාරි, 2019

බිලියන හතේ ටැබ් පරිගණක ටෙන්ඩරයේ දැවැන්ත වංචාවක්.. දරුවන්ට පිලිකා හදන, වඳ කරවන බාල ‘ටැබ්’ ගණුදෙනුව සූදානම්..

(28.02.2019 – 03:23 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය : ‘‘2017 මැයි මාසයේ දී උසස් පෙල සියළුම ළමයින්ට ටැබ් පරිගණක ලබා දීමට ටැබ් 195,148 ක් මිළ දී ගැනීමට ටෙන්ඩර් කැඳෙව්වා. ඒ සඳහා සමාගම් 7 ක් මිළ ගණන් ඉදිරිපත් කළා. …

ආසියාවේ දැවැන්තම මංකොල්ලය ‘බැදුම්කරේ’ ට අවුරුදු හතරයි.. ප‍්‍රසන්න ඩුබායිහිදී තදින්ම සමරයි..

(27.02.2019 – 14:10 +0530 – lankacnews.com) කුඩු ජාවාරමුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ 19 වැනි සංශෝධනය නිසා යැයි අගමැතිවරයා කළ ප්‍රකාශයට සියවසේ විහිලුව ලෙසින් සම්මාන පිදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ යුගයේ කුඩු ජාවාරමුන් සහ පාතාලයන් රටත් අතහැර පලා ගියේ 19 වැනි සංශෝධනයක් …

ලාහෝර් හා කරච්චි ගුවන් ගමන් අවලංගු වෙයි

(27.02.2019 – 16:17 +0530 – sinhala.adaderana.lk) පාකිස්ථාන ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ලාහෝර් හා කරච්චි බලා පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් ශ්‍රි ලංකන් ගුවන් සේවය මඟින් අවලංගු කර තිබේ. පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පාකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව 2019 පෙබරවාරි මස …

කප්පම් ගන්න ගිහින් වැරදුනු හැටි – CCTV දර්ශන සිහිතයි

(27.02.2019 – 08:42 +0530 – sinhala.adaderana.lk) ගාල්ල මහවීදිය ප්‍රදේශයේ ඔරලෝසු වෙළඳ සැලකට පැමිණ කප්පම් ඉල්ලූ පුද්ගලයෙකුට එම වෙළද සැල් හිමියන් පහර දී තිබේ. ඊයේ (27) පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති අතර පහරදීම එම වෙළද සැලෙහි සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. නිරන්තරයෙන් ගාල්ල ප්‍රදේශයේ වෙළඳ සැල්වලට පැමිණ කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු පිහියක් පෙන්නා කප්පම් ඉල්ලීමට …

ඉඩම් පත්ඉරු විද්‍යුත් ක්‍රමයට දෙන අලුත් වැඩසටහනක්

(26.02.2019 – mawbima.lk) ඉඩම්වල පත්ඉරු විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල අලුත් වැඩසටහනක් හඳුන්වා දී ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විතාන මහතා “මව්බිම”ට පැවැසීය. ඒ අනුව 1874 වසරේ සිට ඇති සියලුම පත්ඉරු ස්කෑන් කර වෙබ් අඩවියකට ඇතුළත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද හෙතෙම කීය. මේ වනවිට රට පුරා පිහිටි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 45 න් …

ETI ගනුදෙනුව නතර කරනවා – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා

(27.02.2019 – mawbima.lk) ඊ.ටී.අයි. ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු විශ්ලේෂණයක් නිසියාකාරයෙන් සිදු නොවූ ගනුදෙනුවක් හෙයින් එම ගනුදෙනුව නවතා දැමීමට සිදුවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26 දා) ජාතික ආර්ථික සභාව රැස්වූ අවස්ථාවේදී එම තීන්දුවට හවුල් වූ ආර්ථික සභාවේ සියලු දෙනා දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කොට තිබේ. එහිදී ගැනුම්කාර සමාගම වන …

බැඳුම්කර වංචාවේ මහ හොරුන් තවමත් නිදැල්ලේ – මහින්දානන්ද අලුත්ගමගේ

(27.02.2019 – mawbima.lk) වත්මන් ආණ්ඩුව යහපාලනය මුවාවෙන් ලංකා ඉතිහාසයේ සිදුකළ විශාලතම මූල්‍ය වංචාව වන බැඳුම්කර වංචාව සිදුකර 26 වැනිදාට වසර 4 ක් ගතවුවද ඒ ගැන කිසිම නඩුවක් ගොනුකර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. අගමැතිවරයා, ඇමැතිවරුන් සහ මහ බැංකු අධිපතිවරයාගේ අනුග්‍රහය මත සිදුකළ මෙම වංචාවෙන් රටට සිදුවූ පාඩුව රුපියල් බිලියන 1000 ක් බවද මන්ත්‍රිවරයා …

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ තවත් තොරතුරු හෙළි වෙයි

(26.02.2019 – 06:58 +0530 – sinhala.adaderana.lk) රත්ගම, බුස්සේ දී ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කොට වළස්මුල්ල ප්‍රදේශයට රැගෙන ගිය බව කියන කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අදාළ කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් කැබ් රථයක් බවයි. අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය …

සනත් ජයසූරියට වසර 2 ක ක්‍රිකට් තහනමක්

(26.02.2019 – 19:03 +0530 – sinhala.adaderana.lk) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩක සනත් ජයසූරීය මහතාට ක්‍රිකට් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වසර දෙකක කාලයක් සඳහා තහනම් කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ. ක්‍රිකට් වංචා සහ දූෂණ සම්බන්ධයේන මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් වෙතත් බලධාරීන් වෙතත් චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව අවස්ථා …

A/L කරන්න ලකුණු අඩු වුණත්, තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26 ක්

(25.02.2019 – nethnews.lk) සියලුම දරුවන්ගේ තාක්ෂණික, වෘත්තීය හා සමාජයීය කුසලතා සංවර්ධනය කරමින් ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී ලෙස දායක කර ගැනීමේ අරමුණ ඇතිව රජය විසින් දියත් කරනු ලබන දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් පෙබරවාරි 21 වන දින අරලියගහ මන්දිරයේදී දියත් කෙරිණි. …