Day archives: පෙබරවාරි 2nd, 2019

පෙම්වතිය යොදා ගෙන කප්පම් ඉල්ලූ අලෙවි විධායකවරයෙක් අත්අඩංගුවට

(01.02.2019 – 19:01 +0530 – lankadeepa.lk) සිය පෙම්වතිය යොදා ගනිමින් මෙරට ප‍්‍රධාන පෙළේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලූ බව කියන මාධ්‍ය ආයතනයක අළෙවි විධායකයකු කොළඹ අපරාධ කොට්ඨාසය අද (01) අත්අඩංගුවට ගෙන ඇත. කාන්තාවක සමඟ මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඔහුගේ සුඛෝපභෝගි මෝටර් රථයේ සිටියදී ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ව්‍යාපාරිකයාගේ බිරිඳට ලබා දෙන බව පවසමින් …

ව්‍යවස්ථා සෙල්ලමේ ඇත්ත අරමුණ – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර විසින්

(27.01.2019 – divaina.com) ටී.එන්.ඒ. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ප‍්‍රකාශවලට අනුව කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් පෙබරවාරි 4 වැනිදාට පෙර සම්මත කිරීමට නියමිතය. ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ආකාරයට අමාත්‍ය මණ්ඩලය පවා තීරණ ගත යුත්තේ ඔවුන්ගේ උපදෙස් අනුවය. එවැනි බලයක් ඔවුන්ට ලැබී ඇත්තේ පසුගිය ආණ්ඩු පෙරළියෙන් පසුව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා නැවත බලයට ගෙන ඒම සඳහා ඔවුන් …

දේශ හිතෛෂීන්ගේ වගකීම – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර විසින්

(27.01.2019 – divaina.com) දේශ හිතෛෂීන් යනු රටට ජාතියට දේශයට හිතැති අයයි. අපේ රටේ එවන් ‘හිතවතුන්’ දහස් ගණනක් සිටිති. ඔවුන්ගේ වගකීම කුමක් විය යුතුද ? ඔවුන්ගේ වගකීම වනුයේ දේශයට යම් ‘අනතුරක්’ සිදුවීමට යන්නේ නම් එය වළකාලීමට පෙළ ගැසීමයි. එසේ පෙළ නොගැසී එම අනතුර දැක දැක එය සිදුවන තුරු බලා සිටින්නේනම් දේශ හිතෛෂී භාවයෙන් කිසිදු පලක් නොවේ. …

රේගු වර්ජනයේ රටම නොදුටු අනතුර මහින්ද හෙලි කරයි..

(02.02.2019 – 11:20 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : වර්තමාන රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මේ මොහොතේ අඩපණ වී ඇත. ජනාධිපති වරයාගේ අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස …

යුද ගුවන් යානා 100 ක් සහිත දැවැන්ත යුද නැවක් ත‍්‍රි’මලේ වරායට.. ඇමරිකා නීතිය ක‍්‍රියාත්මක බිම් තීරුවකින් ශ‍්‍රී ලංකාව දෙකඩ කරන්න සූදානම්.. – විමල් වීරවංශ

(02.02.2019 – 09:20 +0530 – lankacnews.com) ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ ගනිමින් සිටින්නේ තම ඉන්දු – පැසිෆික් කලාපයේ යුදමය තිප්පොළ බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට බවත් ඒ සඳහා ඇමෙරිකානු නීතිය යටතේ ක්‍රියාත්මක වන, කොළඹ වරාය හා ත්‍රිකුණාමල වරය යා කරන කිලෝ මීටර් 200 ක් දිග, දිස්ත්‍රික්ක 07 ක් හරහා දිවෙන, අක්කර ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් අයත් වන …

කොස්ගම ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

(01.02.2019 – 15:46 +0530 – hirunews.lk/sinhala) කොස්ගම, අලුත් අම්බලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඊයේ (31) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ඊයේ (31) රාත්‍රී 7.15 ට පමණයි. සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කරගත් දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ පිරවුම්හලේ තිබු ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ලකා ඇති බව සඳහන්. සැකකරුවන් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර ඉන් පිරවුම්හලේ සිවිලිමට හානි …