Day archives: පෙබරවාරි 5th, 2019

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යළිත් රේගු අධ්‍යක්ෂ පුටුවට

(05.02.2019 – 17:20 +0530 – sinhala.adaderana.lk) හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය නැවතත් එම තනතුරට පත් කර ඇත. එතුමියට වසරක සේවා දිගුවක් ලබා දී ඇති අතර මාස තුනක ප්‍රගතිය බලා නැවතත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සඳහන්. අමාත්‍ය මානෝ ගනේෂන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අද (05) පස්වරුවේදී කැබිනට් මණ්ඩල රැස්වීමෙදි මේ බව සනාථ …

විමල් කැටිපෙආරච්චි ITN සල්ලි මිලියන 4 ක් වංචා කරලා – ජනපතිට පැමිණිලි

(05.02.2019 – colombotoday.com) යහපාලන ආණ්ඩු සමයේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ විමල් කැටිපෙආරච්චි අදාළ සේවා කාල සීමාවේදී ආයතනික මුදල් සහ තනතුර අවභාවිත කරමින් ස්වාධීන රූපවාහිනී ආයතනයට රුපියල් 4,782,000.00 ක මුදලක් අහිමි කළ බවක් සඳහන් කරමින් අප වෙත ලිපියක් යොමුකර ඇත. ස්වාධීන රූපවාහිනී සේවය සුරැකීමේ එකමුතුව විසින් යොමු කර ඇති අදාළ ලිපියෙහි වැඩිදුරටත් …

ජාතික රූපවාහිනී බලධාරීන් වෘත්තීය සමිති නායකයින් දඩයමට සැරසේ

(03.02.2019 – lankatruth.com) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව මේ වනවිට කටයුතු කරමින් සිටින වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම සදහා පාලනාධිකාරිය පිඹුරුපත් සකස් කරමින් සිටින බව ඉතා විස්වාසකටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ. ප්‍රධාන කරුණු 06 ක් මුල් කර ගෙන මේ වන විට ජාතික රූපවාහිනියේ වෘත්තීය සමිති එකමුතුව විසින් සිය …

මාකඳුරේ මධුෂ් ඇතුළුව 25 ක් අත්අඩංගුවට – ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකුත් ඒ අතර

(05.02.2019 – 13:19 +0530 – sinhala.adaderana.lk) ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන‘මාකඳුරේ මධූෂ්’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක අංශ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව වාර්තා වන්නේය. මෙහිදී තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 24 දෙනෙකු සහ මෙරට ජනප්‍රිය ගායකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හිදී සංවිධානය කර …