ජාතික රූපවාහිනියේ සේවකයින් සභාපතිවරියගේ කාර්යාලය වටලයි
(06.02.2019 – 15:21 +0530 – hirunews.lk/sinhala) ජාතික රූපවාහිනියේ අලෙවි අධ්‍යක්ෂක ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයින් මේ වනවිට රූපවාහිනියේ සභාපතිවරිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ කාර්යාල කාමරය වටලා තිබෙනවා. කලක් තිස්සේ සේවකයින් අලෙවි අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කලද එම ඉල්ලීම් නොසලකා හැරීම හේතුවෙන් දහවල් 1.30 ට පමණ සභාපතිවරියගේ කාර්යාල කාමරය වටලමින් මෙලෙස විරෝධයේ නිරත බවයි …