Day archives: පෙබරවාරි 8th, 2019

මධූෂ් සමග අත්අඩංගුවට ගත් ජංගාගේ නිවසෙන්, හමුදා ඇදුම් සහ ටී-56 උණ්ඩ

(08.02.2019 – 16:36 +0530 – hirunews.lk/sinhala) පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ඔහුගේ සමීපතමයෙකු වූ අනුශ්ක කවිශාල් නොහොත් ජංගා ගේ මාතර – ගන්දර නිවසේ තිබි යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් පොලිසිය අද සොයාගත්තා. ඒ, ඔහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදීයි. මාකඳුරේ මධූෂ්ගේ සහ ඔහු සමඟ …

කෝටි 700 ක දියමන්ති කොල්ලයටත් අමල්-රයන් සම්බන්ධදැයි සැකයක්

(08.02.2019 – divaina.com) මහරගම ඇරැව්වලදී කෝටිපති මැණික් ව්‍යාපාරියකුගෙන් පැහැරගෙන ගිය රුපියල් කෝටි 700 දියමන්ති මංකොල්ලය පිටුපසද පාතාල නායක මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පී රයන් රෝයන් සහ ගායන ශිල්පී අමල් පෙරේරා සිටින බවට පොලිසිය සැකකරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි. මෙම මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී හෙළිවූ තොරතුරු …

හෙට (09) කොළඹට ජල කප්පාදුවක්

(08.02.2019 – 07:55 +0530 – hirunews.lk/sinhala) මහ කොළඹ – ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ හෙට රාත්‍රි 09 සිට පසුදින පස්වරු 03 දක්වා පැය 18 ක කාලයක් ජල …

මහා ජාන මංකොල්ලයක් ගැන හිටපු රේගු අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

(06.02.2019 – 19:50 +0530 – lankadeepa.lk) ලංකාවට ආවේනික ශාඛ සහ සත්ත්ව ජාන රහසේ රැගෙන ගොස් විදේශයන්හිදී ඒවායෙන් විවිධ නිශ්ෂ්පාදන සකස් කර ඊට පේටන් බලපත්‍රය ගැනීමේ මංකොල්ලයක් ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා අද පැවසීය. නීත්‍යනුකූල නොවන ලෙස අවසරයකින් තොරව ජාන රැගෙන ගොස් ඒවායේ අයිතිය නීත්‍යනුකූලව තමන් සතු කර ගැනීම ජාන මංකොල්ලය ලෙස …

ATM භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මහ බැංකුව දන්වයි

(07.02.2019 – 07:08 +0530 – hirunews.lk/sinhala) ඒ.ටී.එම්. යන්ත්‍ර මගින් සිදුකරනු ලබන ගණුදෙනුවල සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගෙවුම් කාඩ්පත් සහ ඒ.ටී.එම්. යන්ත්‍ර භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු බව මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා. හඳුනාගත නොහැකි, අනවසර ගණුදෙනුවක් හෝ අහිමි වූ හෝ අස්ථානගත වූ කාඩ්පත් වේ නම් එවැනි සිදුවීම් වහාම අදාළ බැංකුව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි …

මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවෙයි

(07.02.2019 – 14:56 +0530 – hirunews.lk/sinhala) මන්ත්‍රීවරුන් 12 ක් සිරවූ, පාර්ලිමේන්තු සෝපානය ගැන පරීක්ෂණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති විදුලි සෝපානයක් හදිසියේ අක්‍රීය වීම හේතුවෙන් එහි ගමන්ගත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට විනාඩි 15 කට ආසන්න කාලයක් එහි සිරවී සිටින්නට අද සිදුවුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති 06 වැනි විදුලි සෝපානයයි මෙලෙස අක්‍රීයවී තිබුණේ. අද …

තමා අත්අඩංගුවට නොගත් බව අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා කියයි

(07.02.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala) තම සොහොයුරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය රැගෙන ගිය ද තමා අත්අඩංගුවට නොගත් බව ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසනවා. ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී හිස් කොකේන් කොපු කිහිපයක් සොයා ගැනුනු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. …

මන්ත්‍රි එස්.බී. දිසානායකගෙන් චෝදනාවක්

(07.02.2019 – 20:21 +0530 – hirunews.lk/sinhala) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වැඩි පිරිසක් වංචා හා දූෂණ රැසකට සම්බන්ධ වූවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.