Day archives: පෙබරවාරි 9th, 2019

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති කියයි

(09.02.2019 – 17:22 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගන්නා බවයි අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගන්නා …

මධූෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පොලිස් භාරයට

(09.02.2019 – 13:18 +0530 – sinhala.adaderana.lk) පසුගියදා ඩුබායි හිදි අත්අඩංගුවට පත් ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු වු මාකදුරේ මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි කියන මෝටර් රථයක් පාදුක්ක පෝරෙගෙදර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පාදුක්ක පොලීසියට ලද තොරතුරක් මත අද (09) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. එම අත්අඩංගුවට ගත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී කිසිඳු බලපත්‍රයක් තිබී නොමැති අතර බලපත්‍ර …