Day archives: පෙබරවාරි 13th, 2019

මුලතිව් ගුරුකන්ද විහාරය පිහිටා ඇත්තේ වසර 2000 කට වඩා පැරණි බෞද්ධ නටබුන් සහිත භූමියක – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් උසාවියේදී කියයි

(13.02.2019 – divaina.com) මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරය පිහිටා ඇත්තේ වසර 2000 කට වඩා පැරණි සංඝාරාමයක් පැවති සහ තවමත් ශේෂව ඇති බෞද්ධ නටබුන්වලින් ගහන පුරාවිද්‍යා භූමියක බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඒ. බී. මණ්ඩාවල මහතා මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී ඊයේ (12 දා) ප‍්‍රකාශ කළේය. ගුරුකන්ද විහාරය පිහිටා ඇත්තේ හින්දු බැතිමතුන්ට අයත් භූමියක බව පවසමින් පසුගිය තෛපොංගල් දිනයේදී …

ඊ.ටී.අයී.ගණුදෙනුව ගැන පරික්ෂණ ඇරඹේ – තැන්පත්කරුවන් සී.අයී.ඩී යට

(13.02.2019 – 11:13 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ. මීට පෙර තැන්පත්කරුවන්ගේ සංගමය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර ඒ අනුවයි අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාදීම සඳහා …

මධූෂ්-අමල්-නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක්

(13.02.2019 – 12:02 +0530 – lankadeepa.lk) පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය. මේ …