Day archives: පෙබරවාරි 15th, 2019

‘ද ෆිනෑන්ස්’ ආයතනය මහ බැංකුව යටතට

(15.02.2019 – 19:33 +0530 – sinhala.adaderana.lk) ද ෆිනෑන්ස් ආයතනය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය නිරාකරණය කිරීම සහ අයෝජකයෙක් ලගා කරගැනීම සඳහා එම ආයතනය තාවකාලික නියාමන ක්‍රියාවලියකට යටත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව නව තැන්පතු බාර ගැනීම අත්හිටුවීමටත්, කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කිරීමටත්, ණය ප්‍රදානය සීමා කිරීමටත් ශ්‍රී ලංකා …

මධුෂ් අමල් ඇතුළු නඩය රිමාන්ඩ්

(15.02.2019 – mawbima.lk) ඩුබායිහිදී කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස ලබන 28 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට බර් ඩුබායි පොලිසියේ පිහිටි නීති කාර්යාලය (Public Prosecutor) පියවර ගෙන තිබේ. එම පොලිස් සංකීර්ණය තුළ පිහිටි බන්ධනාගාරයේ රඳවා සිටින අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන දෙදෙනා …

තිහාරියේ සිසුන් 2 ක් මිහින්තලේ දාගැබකට නැඟලා

(15.02.2019 – mawbima.lk) ඓතිහාසික මිහින්තලා රජමහ විහාර භූමියට ඇතුළුවන ප්‍රධාන පියගැට පෙළට යාබදව පිහිටි කණ්ඨක චෛත්‍ය ආසන්නයේ පිහිටි අඩි හයක් පමණ උසින් යුතු පරිවාර චෛත්‍යයක් මතට නැඟී ජංගම දුරකථනයකින් ඡායාරූප ලබාගත් තිහාරියේ පිහිටි අරාබි අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු මිහින්තලය රජමහ විහාර භූමියේ සේවයේ නියුතුව සිටි පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (14 දා) දහවල් …

මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එකතු වෙලා මෛත්‍රි-ගෝඨා මරන්න සැලසුම් කළා දැයි සැකයි

(15.02.2019 – mawbima.lk) මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එකතු වී ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට සැලැසුම් කළේ දැයි සැක මතුවන බව පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ පැවැසූහ. සිංහලේ විමුක්ති පෙරමුණ දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (14දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කීහ. පසුගිය දවසක අපි පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. වනාතවිල්ලුව ප්‍රදේශයේ තිබී හමුවුණු අවි …

ව්‍යවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කථානායක හමුවෙන්න ඕනෑ – එස්. බී. දිසානායක

(15.02.2019 – mawbima.lk) ව්‍යවස්ථාදායක සභාවෙන් උසස් වීම් ලැබීමට නම් රෑට රෑට ගොස් කථානායක හමුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පැවැසීය. කොළඹ පරිවර්තන කේන්ද්‍රයේ ඊයේ (14 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීවේය. කථානායකවරයා ව්‍යවස්ථාදායක සභාව තුළ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන බවද මන්ත්‍රිවරයා කීවේය. ස්වාධීන කොමිෂන් සභා ගැන විශාල ලෙස පසුගිය …