Day archives: පෙබරවාරි 21st, 2019

SLIIT ගනුදෙනුව : බැඳුම්කර ගනුදෙනුවට වඩා විශාල වංචාවක් විජයදාස හෙළි කරයි

(19.02.2019 – ada.lk) වත්මන් ආණ්ඩුව යටතේ මහපොළ භාරකාර අරමුදලට රුපියල් බිලියන 23 කට අධික පාඩුවක් සිදුව ඇතැයි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුවටත් වඩා එම වංචාව විශාල බව ඔහු සඳහන් කළේය. ‘අද’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ මහපොළ අරමුදල යටතේ පැවැති මාලඹේ …

අද දෙරණ උකුස්සා : වෛද්‍යවරයෙක් ගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් ….

(19.02.2019 – 22:33 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා 650 ක් පමණ සිදුවන බව මෑතක සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙසේ තරුණ ජීවිත අනතුරේ හෙළමින් , රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකිවුණි. අද අනාවරණය ඒ පිළිබඳවයි. ගබ්සාව මෙරට තුළ නීතියෙන් තහනම් වෙයි. …

හිටපු හමුදාපතිගෙන් ජනපතිට ඉල්ලීමක්

(20.02.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk) හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳ පැතිර යන ප්‍රචාර පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායන මහතා පවසයි. හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද (20) පැවති මාධ්‍ය හමුවකදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ හමුදා සෙබළුන්ට එරෙහිව චෝදනා එල්ල කරමින් ක්‍රියාත්මක …

සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණමහල් ගණුදෙනුව ගැන මහ බැංකු අධිපති කට අරී..

(21.02.2019 – 03:27 +0530 – lankacnews.com) මහ බැංකු අධිපති ඉවන්ද‍්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අප වෙත යොමු කරන ලද කරුණු පැහැදිලි කිරීමක් මෙහි දැක්වෙයි : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මැතිතුමා විසින් මා වෙත යොමු කරනු ලැබ ඇතැ යි සඳහන් කර LankaCNews වෙබ් අඩවියේ 2019.02.17 දින ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ගනුදෙනු පිළිබඳ ව පළ කරනු ලැබූ …

ලංකාවේ දුෂිතම ආයතනයේ ප‍්‍රධානියා කතානායකයි.. ව්‍යවස්ථාදායක සභාවේ මහා කුමන්ත්‍රණයක්…

(20.02.2019 – 18:48 +0530 – lankacnews.com) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : මේ වන විට ලංකාවේ තිබෙන දූෂිතම ආයතනය බවට කතානායකවරයාගේ නායකත්වයෙන් තිබෙන ව්‍යවස්ථාදායක සභාව පත් වෙලා තිබෙනවා. මුදුන කුණු වුණාට පස්සේ ගස කුණුවී මියයාම ගැන කතා කරලා වැඩක් නෑ. සමස්ත රාජ්‍ය …