Day archives: පෙබරවාරි 25th, 2019

A/L කරන්න ලකුණු අඩු වුණත්, තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26 ක්

(25.02.2019 – nethnews.lk) සියලුම දරුවන්ගේ තාක්ෂණික, වෘත්තීය හා සමාජයීය කුසලතා සංවර්ධනය කරමින් ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී ලෙස දායක කර ගැනීමේ අරමුණ ඇතිව රජය විසින් දියත් කරනු ලබන දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් පෙබරවාරි 21 වන දින අරලියගහ මන්දිරයේදී දියත් කෙරිණි. …

අන්තර්ජාලයේ ව්‍යාජ ගණුදෙනු කළ සැකකරුවෙකු පොලිස් දැලේ

(25.02.2019 – 16:30 +0530 – hirunews.lk/sinhala) ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණ මුදල් වංචාවක් සිදුකර දුරකථන රැගෙන පලාගිය සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ජනිත් කෂාන් නමැති තරුණයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. සැකකරු විසින් අන්තර්ජාලයේ පළවන දැන්වීම්වලට අනුව සැකකරු ගැනුම්කරුවෙකු බවට හඟවා දුරකථන පරීක්ෂා කිරීමට පැමිණීමෙන් අනතුරුවයි …

කෝටි 700 ක මැණික් කොල්ලයට සම්බන්ධ මධූෂ්ගේ තවත් සමීපතමයෙකුගේ නිවස වටලයි

(25.02.2019 – 15:47 +0530 – sinhala.adaderana.lk) පසුගිය වර්ෂයේ නොවැම්බර් මස 04 වන දින හක්මණ කැබලියපොල ප්‍රදේශයේදි ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරයෙකු හා කඹුරුපිටිය මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධයෙන් වූ සැකකරුවෙකුගේ නිවස මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මඟින් වටලා තිබේ. මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් අද (25) දහවල් කඹුරුපිටිය මීපාවිට ප්‍රදේශයේ …

රූකාන්තට පහර දුන්නේ හිරු ස්ටාර් තරගයෙන් කැපුණු තිවංකගේ දිවුලපිටිය ආධාරකරුවන්

(25.02.2019 – gossiplankanews.com) රියලිටි පරාජිතයෙකු රූකාන්ත ගුණතිලකට පහරදී ඔහුගේ වාහනයටද අලාබහානි කළ බවට ඊයේ දින පළවූ වාර්තා සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. මෙම පහරදීම කර ඇත්තේ හිරු රූපවාහිනි නාළිකාවේ මේ දිනවල විකාශය වන ‘හිරු ස්ටාර්’ නමැති ගී තරු තේරීමේ තරගාවලියේ පෙරේදා (23 දා) රාත්‍රි පැවැති තරගයෙන් ඉවත් වීමට සිදුවූ දිවුලපිටියෙන් පැමිණි තිවංක …

බොරැල්ල ‍පොලීසියේ රථ වාහන ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා හිමිකරු අත්අඩංගුවට

(25.02.2019 – 10:12 +0530 – sinhala.adaderana.lk) බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ලියාපදිංචි හිමිකරු පොලීසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තිබී ඊයේ (24) සොයා ගැනීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා ද පොලීසියට බාරවී තිබේ. සි.සි.ටිවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී …

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිසියෙන් පැහැරගෙන ගොස් මරා දැමූ හැටි

(24.02.2019 – divaina.com) නිව්ටන් නමැති පෝරිසාදයකු මීට වසර හත අටකට උඩදී අඟුලාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කරමින් සිටියේය. පෙන්ෂන් යන වයසේ සිටියද නිව්ටන් නාකි මනමාලයෙකි. උදේ සිට රැය පහන් වනතුරුම කටගොන්නක් බීගෙන රාජකාරි කළ මේ පෝරිසාදයා අඟුලාන ප‍්‍රදේශයේ කාන්තා පරපුර වෙත දැක් වූයේ අසීමිත සෙනෙහසකි. ළෙන්ගතුකමකි. ලතා නමැති රූමතිය නිව්ටන්ගේ ප‍්‍රියම්බිකාව බවට පත්ව සිටින බව …

කෝටි 700 ක දියමන්තිය රටින් පැන්නුවේ ගායකයාද…? නළුවාද…?

(24.02.2019 – divaina.com) ඒ පසුගිය වසරේ අගෝස්තු මාසයේ එක්තරා දිනයකි. බොරැල්ල නගරයේ පිහිටි සුපිරි මහල් නිවාසයක උඩු මහලේ පිහිටි නිවසක් වෙත මැණික් ව්‍යාපාරිකයන් කීප දෙනකු පැමිණ සිටියහ. මේ මැණික් ව්‍යාපාරිකයන් පිරිස පැමිණ සිටියේ ශ‍්‍රී ලංකාවේ මෑතකදී අලෙවි කිරීමට සූදානම් වන ඉහළම වටිනාකමෙන් යුත් දියමන්තිය පරීක්‍ෂා කිරීමටය. කැරට් 720 ක බරින් යුත් මේ දියමන්තිය තක්සේරු කර …