Monthly archives: මාර්තු, 2019

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක්

(31.03.2019 – 15:00 +0530 – hirunews.lk/sinhala) බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී …

විල්පත්තු වන විනාශය ගැන පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්නැයි ඉල්ලීමක්

(30.03.2019 – 18:50 +0530 – hirunews.lk/sinhala) විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කතානායකවරයා සමග සාකච්ඡා කර විශේෂ කමිටුවක් පත් කරන ලෙසට සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය, පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මෙරට වනාන්තර විනාශය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ඊයේ හමුවූ අවස්ථාවේදීයි. …

හිරු සී.අයි.ඒ : තරුණියන් රවටා ගණිකා ව්‍යාපාරයේ යොදවන සංවිධානාත්මක ජාවාරමක්

(29.03.2019 – 20:59 +0530 – hirunews.lk/sinhala) කොට්ටාව – මහල්වරාව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් තරුණියන් රවටා ගණිකා ව්‍යාපාරයට යොදවන සංවිධානාත්මක ජාවාරමක් හිරු සී.අයි.ඒ හෙළි කර ගත්තා. 38 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වයස අවුරුදු 17 ක අනියම් සැමියා සමග ගංජා, හෂීෂ් වැනි මත්ද්‍රව්‍ය භාවිතයට ද තරුණියන් යොමුකරමින් මෙම ජාවාරම කලක පටන් පවත්වාගෙන ගොස් තිබුනා. අද සී.අයි.ඒ. …

කන්ජි පානී ඉම්රාන්ව මාස 3 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර

(30.03.2019 – 15:18 +0530 – sinhala.adaderana.lk) ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් මාස 03 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය අවසර ලබා දී තිබේ. එම කොට්ඨාශයේ නිළධාරීන් විසින් ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (30) දහවල් ඉදිරිපත් කළේය. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කන්ජිපානි ඉම්රාන් …

උස් අසුනට කනස්සල්ල පළ කර රාමඤ්ඤ නිකායෙන් ජනපතිට ලිපියක්

(29.03.2019 – 19:28 +0530 – sinhala.adaderana.lk) ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම වෙනුවෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා මහමළුවේ පසුගියදා පැවති උත්සවයේදී මහනායක හිමිවරුන්ට අසුන් පැනවීම අතිශයින්ම විනය විරෝධී හා සදාචාර විරෝධී බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහාලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසන රතන නාහිමි මෙම ලිපිය …

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

(29.03.2019 – 00:05 +0530 – hirunews.lk/sinhala) විදුලි විසන්ධි කිරීම් සහ හදිසි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව, මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශවලට සහ …

සිසුන් 6195 ක් අපොස සාමාන්‍ය පෙළ සියලු විෂයන් අසමත්

(29.03.2019 – 18:58 +0530 – hirunews.lk/sinhala) 2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් වූ අතර, පාසල් අයදුම්කරුවන් 308,843 ක් අතරින්, 226,417 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව, සිසුන් 82,426 ක් උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් නොලබන පිරිසට ඇතුළත්. ඒ අතරින්, විෂයන් සිල්ලම අසමත් සිසුන් සංඛ්‍යාව 6195 ක් බවයි අධ්‍යාපන …

කංජිපානි ඉම්රාන් හඬමින් සියල්ල වමාරයි.. ඇසුරු කල දේශපාලඥයන්, නළු නිලියන් ප‍්‍රසිද්ධ චරිත සියල්ල හෙලි වේ..

(29.03.2019 – 22:42 +0530 – lankacnews.com) අත්අඩංගුවට ගන්නා ලද පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම් මගින් මෙරට පාතාල හා මත්ද‍්‍රව්‍ය ජාලය දිගින් දිගටම හෙලි වෙමින් ඇති බව පොලීසියේ ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව එම පාතාල ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සදහා කඩානම් සැලසුම් ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවද වාර්තා වෙයි. සබදකම් …

උදය ගේ සිතියම් දැක රිෂාඩ් සැඟවෙයි… විල්පත්තුවෙන් ‘හිරු බලය’ ඇවිලේ.. (විඩියෝ)

(30.03.2019 – 00:03 +0530 – lankacnews.com) දැඩි ආන්දෝලනයට ලක් වී ඇති මාතෘකාවක් වන විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් මෙවර ‘හිරු ටීවී බලය’ වැඩසටහන වෙන්විය. මේ වන විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන රිෂාඩ් බදුර්දින් අමාත්‍යවරයා මෙන්ම මෙම වන විනාශයට එරෙහි දැඩි මතයක් දරන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාද මෙම බලය විවාදය හා එක්වූ නිසා දැඩි …

ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක දේවිය ජීවිත ගමනට සමුදෙයි

(29.03.2019 – 14:54 +0530 – sinhala.adaderana.lk) ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශිකාවක පැවසීය. මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණි. ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය දිවි ගමනින් සමුගනී (29.03.2019 – 14:50 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකේය සිනමා වංශ …