Day archives: මාර්තු 8th, 2019

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

(07.03.2019 – 15:51 +0530 – sinhala.adaderana.lk) හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය රහස් පොලීසිය වෙත තහනම් නියෝගයක් නිකුත් කළේය. තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ සහ …

ජිනීවාහි ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගැන ජනපතිගෙන් හා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පරස්පර මත 2 ක්

(07.03.2019 – 19:10 +0530 – sinhala.adaderana.lk) මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින යෝජනාව පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය ගැන ජනාධිපතිවරයාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මත දෙකක් පළ වී ඇත. මෙරට මානව හිමිකම් සමබන්ධයෙන් අමෙරිකාවේ සම අනුග්‍රාහකත්වයෙන් 2015 දී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලීම සඳහා මෙවර ජිනීවා සැසිවාරයට කල් ඉල්ලීමේ යෝජනාවක් …

අල්ලස් ගත් CID නිලධාරියෙකුට වැඩ වරදියි

(07.03.2019 – 20:08 +0530 – sinhala.adaderana.lk) අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්තව රාජකාරී සිදුකරන නිලධාරියෙක් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් 80,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ අදාළ නිලධාරීවරයා කැලණිය, ගෝනවල ප්‍රදේශයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (07) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම ව්‍යාපාරිකයා භාණ්ඩ මිලදී ගන්නා ආයතනය හා අතරමැදියෙකු …