Day archives: මාර්තු 22nd, 2019

උණ හැදුන ගර්භනී මව්වරුන් පළමු දිනම රෝහල් ගත කරන්න

(22.03.2019 – 11:39 +0530 – sinhala.adaderana.lk) ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත. මෙම දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වැළඳුනු ගර්භණී මවුවරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකූලතා වලට ලක්වීමේ අවදානමක්ද පවතියි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ …

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කටයුතු කළ අයට අලුත් ආණ්ඩුවේදී නඩු දමන බව රතන හිමියන් කියයි

(21.03.2019 – 19:41 +0530 – hirunews.lk/sinhala) ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කටයුතු කළ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඇතුළු නිලධාරින්ට නව රජයක් යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. අපේ රට අද රෝහලක් – පූජ්‍ය අතුරලියේ රතන හිමි (22.03.2019 …

විල්පත්තුවේ තවත් වන සංහාරයක් – ආනන්ද සාගර හිමි

(21.03.2019 – 19:03 +0530 – sinhala.adaderana.lk) විල්පත්තු රක්ෂිතයේ පරිවාර රක්ෂිතයක කර්මාන්ත පුරයක් ඉදි කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව පරිසර සංවිධාන පවසා සිටියි. ඔවුන් මේ බව සඳහන් කළේ විල්පත්තු සංහාරය පිළිබඳව යළිත් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි. විල්පත්තු විලත්තිකුලම් වන සංහාරය පිළිබඳව අද දෙරණ උකුස්සා වසර …

ලංකාව ගැන ජිනීවා යෝජනාවලිය ඡන්දකින් තොරව සම්මතයි

(21.03.2019 – 20:40 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දැක්වූ ජගත් මානව හිමිකම් යෝජනාවලිය, නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙමින් අද ඡන්දයකින් තොරව සම්මතවුණි. ඒ අනුව එම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය තවත් වසර දෙකකට පසුව මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසිවාරයේදී ඔවුන් විසින් දැනුම් …

ඕමානය ප්‍රතික්ෂේප කරන හම්බන්තොට තෙල් පිරිපහදුව

(21.03.2019 – 19:11 +0530 – sinhala.adaderana.lk) අමෙරිකානු ඩොලර් බිලියන 3.85 ක් ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා දායකවීමට තමන් එකඟ වී ඇතැයි පළ වන වාර්තා ඕමාන රජය ප්‍රතික්ෂේප කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියි. ඕමාන් රජයේ මැදිහත්වීමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.85 ක වියදමින් යුතුව ඉන්ධන පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් ස්ථාපිත කරන බවට …

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍යයි

(21.03.2019 – 21:42 +0530 – sinhala.adaderana.lk) සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වාර්තාවකි. සිංගප්පූරුවේ පිටුවහල් නීතියට අනුව යම් පුද්ගලයෙකු එරටින් පිටුවහල් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට පදනම් වන ලිපි ලේඛන කිසිවක් ශ‍්‍රී ලංකා රජයෙන් ලබාදි නොමැති බව …