Monthly archives: අප්‍රේල්, 2019

ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රහාර පලිගැනීමක් – ISIS නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසයි

(30.04.2019 – 06:39 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාවේ පසුගිය 21 වනදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරයන් පැලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා ඇත. ISIS ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය ප්‍රකාශ කර ඇත්තේ ISIS ත්‍රස්ත සංවිධානයේ …

අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක්වන මුහුණ ආවරණය හෙට සිට තහනම්

(28.04.2019 – 22:24 +0530 – sinhala.adaderana.lk) ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශ මේ බව …

ජාතික තව්හිඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි සංවිධාන ශ්‍රී ලංකාව තුල තහනම්

(27.04.2019 – 19:57 +0530 – hirunews.lk/sinhala) ජාතික තව්හිඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි සංවිධාන ශ්‍රී ලංකාව තුල තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇති. මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ …

ශ්‍රී ලංකාව අයි.එස් ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කයක් වීමට හේතුව බුද්ධි අංශ දුර්වල කර තිබීමයි – උදය ගම්මන්පිල

(27.04.2019 – nethnews.lk) අයි එස් අයි එස් සංවිධානය ප‍්‍රහාරයක් එල්ල කිරීමට ශී‍්‍ර ලංකාව තෝරාගත් හේතුව මෙරට බුද්ධි අංශ දුර්වල තත්වයකට පත්ව තිබීම බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසනවා. පිවිතුරු හෙළ උරුමය කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා. ත්‍රිකුණාමලයෙනුත් පුපුරණ ද්‍රව්‍ය හමුවේ (27.04.2019 – nethnews.lk) ති‍්‍රකුණාමලය, ඉරෙක්කන්ඩි ප‍්‍රදේශයේදී වෝටර් ජෙල් වර්ගයේ පුපුරණ …

කල්මුණේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී ළමුන් 06 කගේ ඇතුළු මළ සිරුරු 15 ක් සොයා ගනී

(27.04.2019 – 08:32 +0530 – sinhala.adaderana.lk) කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15 ක් හමුව තිබේ. ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සහ ඒ අවට තිබී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි. පිපිරීම සිදුවු බවට සැක කරන නිවස තුළ තිබී කාන්තා මළ සිරුරු …

ෂැන්ග්‍රිලාහිදී මියගියේ මහමොළකරු සහරාන් හෂිම් නොවේ – ඔහු තවම ජීවතුන් අතරද ?

(25.04.2019 – gossiplankanews.com) පසුගිය ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලදී මෙම පිපුරුම් වල මහමොළකරු බව කියන සහරාන් හෂීම් නමැත්තා මියගියේද නැද්ද? යන්න සැක සහිත බව මේ වනවිට පරීක්ෂණ පවත්වන අංශ වලට සැකයක් මතුව තිබේ. මුලින් පළවූ වාර්තාවලින් ෂැංග්‍රිලා අවන්හලේ පිපුරුම සිදුකරගෙන මොහු මරාගෙන මැරුණ බවට මාධ්‍ය වෙත වාර්තා පළව තිබුණත් මේ වනවිට ෂැංග්‍රිලා පිපිරුම සිදු කලේ …

මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් තඹ කර්මාන්තශාලාවේ, ගණකාධිකාරීවරයාත් අත්අඩංගුවට

(26.04.2019 – 13:25 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලදී කොළඹ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්තශාලාවේ ගණකාධිකාරීවරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ සිදුකළ විශේෂ විමර්ශනයකදීයි. මහනුවර ප්‍රදේශයේදී සැක කටයුතු මෝටර් රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහි රියදුරු …

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුගේ තිප්පොළේ සිට

(26.04.2019 – 11:58 +0530 – lankadeepa.lk) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන ප්‍රධාන සැකකරු සහ්රාන් හසීම් ය. සහ්රාන් හසීම් ට සොහොයුරියන් දෙදෙනකි. සොහොයුරන් දෙදෙනකි. පසුගිය අප්‍රේල් 18 වැනිදා සිට, සහ්රාන්ගේ මාපියන්, සොයුරන් දෙදෙනා සහ එක් සොහොයුරියක අතුරුදන්ව ඇතැයි පැවැසෙයි. මේ බව අනාවරණය කළේ සහ්රාන්ගේ ඉතිරි සොහොයුරියයි. මොහොමද් හසීම් මදානියා නමැති 25 හැවිරිදි ඇය …

FBI සහ MI5 විමර්ශකයන් රට තුළට වද්දගන්න එපා – ජානිපෙ

(26.04.2019 – 10:03 +0530 – sinhala.adaderana.lk) ත‍්‍රස්තවාදය මැඩලීමට ඇමරිකානු FBI හා බි‍්‍රතාන්‍ය MI5 විමර්ශකයන් මෙරටට වද්දා ගතහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව හා සිරියාවේ ඛේදනීය ඉරණම අත්වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි. ඊයේ (25) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක ජයන්ත සමරවිර මහතා මෙසේ පෙන්වා …

83 කළු ජූලිය හා සමාන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..

= 83 කළු ජූලිය හා සමාන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි.. – සර්ව පාක්‍ෂික සමළුව තැති ගන්වමින් පොහොට්ටුව ඉදිරිපත් කල වාර්තාව මෙන්න.. = (25.04.2019 – 19:58 +0530 – lankacnews.com) ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුවට මුල් වතාවට සහභාගී වෙමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මෙසේය : ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව 2019 අප්‍රේල් 25 පසුගිය …