Day archives: අප්‍රේල් 20th, 2019

ලැබුණ විදිය දන්නේ නැති ලක්ෂ 35 ක් සමඟ පුද්ගලයින් 2 ක් මාට්ටු

(20.04.2019 – 09:05 +0530 – sinhala.adaderana.lk) රුපියල් තිස්පන් ලක්ෂයකට වැඩි මුදල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීදියවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පොලීසිය පැවසුවේ අදාල මුදල් තොගය ඔවුන්ට ලැබුණු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට නොහැකි වීමත් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. වීරගුල පොලිස් ස්ථානයේ නිළිධාරීන් පිරිසක් විසින් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ – …

අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේ පිහිටි කසල කන්ද නිසා ජනතාවට පීඩා

(19.04.2019 – 20:03 +0530 – hirunews.lk/sinhala) සීතාවකපුර නගර සභාවට අයත් අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේ පිහිටි කසළ කන්ද නායයාමේ අවදානමකට ලක්වීම හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් 8 කට නිවෙස්වලින් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් එම පවුල්වල පදිංචි පුද්ගලයින් පවසන්නේ පදිංචි ස්ථානවලින් ඉවත්ව යාමට තමන්ට නොහැකි බවයි. සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයේ දිනපතා එක්රැස්වන කසළ බැහැර …

119 ස්ථානාධිපතිට පොලිස් ලොක්කෙකු ගෙන් ප්‍රහාරයක්

(19.04.2019 – 19:13 +0530 – sinhala.adaderana.lk) 119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ ඇමතුම් ඒකකය භාර ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පහරකෑමකට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. පහරකෑමට ලක්වූ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසන්නේ පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා තමාට මෙම පහරදීම සිදුකළ බවයි. පොලිස් හදිසි ඇමතුම් අංශය හෙවත් ඇමතුම් අංක 119 ක්‍රියාත්මක වන මිරිහානේ පිහිටි පොලිස්පති …