Day archives: අප්‍රේල් 21st, 2019

කොටහේන කොච්චිකඩේ, කටාන, මඩකළපුව දේවස්ථාන 3 ක සහ කොළඹ කිංස්බරි, ෂැන්ග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල 3 නේ බෝම්බ පිපිරීමෙන් 207 ක් මියයයි 450 කට තුවාල

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපිරීමක් (21.04.2019 – 09:21 +0530 – sinhala.adaderana.lk) කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේ අද (21) උදෑසන පිපිරීමක් සිදුව තිබේ. මේ වන විට තුවාලකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. අද උදෑසන පැවති දේව මෙහෙය අතරතුර මෙම පිපිරීම සිදුව ඇත. ඒ වන විට විශාල …

රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව කියාපාන කරාපිටිය රෝහලේ ‘ලීනියර් ඇක්සලරේටර්’ යන්ත්‍රය

(20.04.2019 – 17:57 +0530 – sinhala.adaderana.lk) දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (20) ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. එහි දී ඔහු කළ විමසීමක දී හෙළි වූයේ, පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 35 ක ලීනියර් ඇක්සලරේටර් (රේඛීය ත්වරණ යන්ත්‍රිය) වසර 4 ක් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රයෝජනයට නොගෙන ගබඩා කොට …

ඉදිරි රාජ්‍ය පාලනය තුළ දූෂණයෙන් තොර පාලනයක් ගෙන යනවා – ගෝඨාභය

(20.04.2019 – 19:28 +0530 – sinhala.adaderana.lk) ඉදිරි රාජ්‍ය පාලනය තුළ රජයේ ඉහළම පුද්ගලයාගේ සිට පහළම නිලධාරියා දක්වා දූෂණයෙන් තොර පාලනයක් ගෙන යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. දෙහිවල පැවති එළිය සම්මන්ත්‍රණයකට අද (20) පස්වරුවේ එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා පැවසීය. එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද දෙහිවල එස්. ද …