Day archives: මැයි 15th, 2019

වර්චුසා ආයතනයෙන් අහුවුනේ බෝම්බ ප්‍රහාරයේ ‘ටෙක්නිකල් වැඩ්ඩා’

(15.05.2019 – gossiplankanews.com) පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ සේවය කළ මුස්ලිම් ජාතික තරුණයා සම්බන්ධයෙන් වසර 03 කට පෙර සිට ඉන්දීය බුද්ධි අංශ මඟින් තොරතුරු විමර්ශනය කර තිබෙනවා. මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නිරතව සිටි ඔහු IS ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ 24 හැවිරිදි වියේ පසු වූ ආදිල් අමීස් (Aadhil Ameez) නම් තරුණයෙක්. …

හමුදාව අයි.එස්. හිතවාදීන් පසුපස

(15.05.2019 – 11:33 +0530 – lankadeepa.lk) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට ඉතාම අප්‍රසාදයට පත්ව සිටින බව පැහැදිලිය. මෙය විපක්ෂ දේශපාලන නායකයින් මෙන්ම කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් හමුවීමට පවා ජනපති සිරිසේන මහතා තනිවම පැමිණීමෙන් තවදුරටත් ගම්‍ය වන කාරණයකි. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය වෙනස් කළ හැකි ඉතාම වැදගත් කාරණයකි. ඔවුහු දැන් ජනපතිවරයා …

කළ යුත්තේ කුමක් ද? : පණිවිඩ හුවමාරු ජාල නොතැකීමේ වරද

(15.05.2019 – 12:28 +0530 – lankadeepa.lk) ‘කළ යුත්තේ කුමක් ද?’ විශේෂාංගයෙන් අද කතා කරන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාය. ඔහු සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියකු වන අතර චීනයේ සිචුවාන් හා ලේෂාන් විශ්වවිද්‍යාලවල ආරාධිත මහාචාර්යවරයකු ලෙස ද සේවය කරයි. “අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් ප්‍රහාර එල්ල කළේ ඇයි දැයි සොයා බලද්දී කරුණු දෙකක් කෙරෙහි …

බදියුදීන් හා අසාද් සාලි සහාය දෙන ජනපති අපේක්ෂකයෙකුට සහාය දෙන්නේ නෑ – උදය ගම්මන්පිල

(13.05.2019 – colombotoday.com) රිෂාඩ් බදියුදීන් හා අසාද් සාලි සහාය ලබාදෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුට තමන් සහාය නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13 දා) පැවසීය. අන්තවාදීන් සුළු පිරිසකට මේ රට නටවන්න හැකිවී ඇත්තේ සිංහලයා දෙකට බෙදී ආණ්ඩු නිර්මාණය කිරීමට අන්තවාදීන් වන්දනා කරන නිසායැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය. පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ …