Day archives: ජූනි 8th, 2019

ෂාෆිට එරෙහි පැමිණිලි 800 ඉක්මවයි

(07.06.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk) කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි භාරගැනීම ආරම්භ කර අදට දින 14 කි. මේ වන විට මව්වරුන් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිලි සංඛ්‍යාව 837 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි. මොහෙමඩ් ෂාෆි වෛද්‍යවරයා මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ, අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා මතයි. …

පොතුවිල් මුහුදු මහා විහාරය ආශ්‍රිත මාර්ගවලටත් අරාබි නම් දාලා

(08.06.2019 – nethnews.lk) පොතුවිල් මුහුදු මහා විහාරය ආශි‍්‍රත මාර්ග කිහිපයකට අරාබි නම් යොදා ඇතැයි පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය වරකාපොල ඉන්දසිරි හිමියන් චෝදනා කරනවා. මුහුදු මහා විහාරයේ පැරණි මාර්ගයටද අරාබි නමක් යොදා ඇති බවයි උන්වහන්සේ පැවසුවේ. වහබ්වාදී සහ අන්තවාදී සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුද පොතුවිල් මුහුදු මහා විහාරය ආශි‍්‍රත ප‍්‍රදේශයේ …

සන්නිවේදන උපකරණ රැසක් සමඟ 3 දෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට

(07.06.2019 – 13:17 +0530 – hirunews.lk/sinhala) පොලිස් විශේෂ කාර්ය බලකාය මීගමුව – ඒත්තුකාල ප්‍රදේශයේ අද අලූයම සිදුකළ වැටලීමකදී සන්නිවේදන උපකරණ රැසක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ ඒ අතර, දත්ත සක්‍රිය කර තිබූ අයිෆෝන් 402 ක්, සිම්කාඩ් පත් 17,400 ක්, රවුටර්ස් 60 ක් සහ අධි …

රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණ කිරීම තමා අනුමත නොකරන බව ජනපති කියයි

(07.06.2019 – 20:15 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණ කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද පැවති රැස්වීමකදීයි. මේ වනතෙක් තේරීම්කාරක සභාවට කැදවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරින් බවත්, දැනට සේවයේ …