Day archives: ජූනි 12th, 2019

බදියුදීන්ට එරෙහිව ගම්මන්පිලගෙන් චෝදනා 16 ක් ඇතුළත් පැමිණිල්ලක්

(12.06.2019 – 17:30 +0530 – sinhala.adaderana.lk) රටේ පවතින අපරාධ නීතිය අනුව යම් පුද්ගලයෙකුට එරෙහිව ඇති අපරාධ චෝදනා ඕනෑම දිනයක ගොනුකළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පැමිණිල්ලක් බාරදීම සඳහා පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී …

මහනාහිමිවරුන් හා අගරදගුරුතුමන්ට දේශපාලන කෑදැත්තන් කියා ඇමති චම්පික අපහාස කරලා..

(11.06.2019 – 16:40 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : පසුගිය මැයි 31 දා මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකාවට විදේශීය හමුදාවන් ගේන්න එපා කියා ඉල්ලීමක් කළා. පෙරේදා පා ච රණවක ඇමතිතුමා ප්‍රකාශයක් කරමින් විදේශ හමුදාවන් ලංකාවට ගේනවා …

හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහරාන් පිළිබඳව දැනුවත් කළා – ජමෙයිතුල්උලමා

(11.06.2019 – 22:49 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් පිළිබඳව CD පටයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබාදුන් බව සමස්ත ලංකා ජමෙයිතුල්උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්.රිස්වි මවුලවිතුමන් ප්‍රකාශ කලා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් මවුලවිවරයා මේ බව ප්‍රකාශ කළා. හිටපු තැපැල් ඇමතිගේ සොහොයුරා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහරාන්ට සහයෝගය දුන්නා – අසාද් සාලි (11.06.2019 …