Day archives: ජූනි 18th, 2019

කුසට අහරක් නොමැතිව මියගිය බිළිඳාගේ සංවේදී කතාව

(18.06.2019 – 20:53 +0530 – hirunews.lk/sinhala) කුසට නිසි අහරක් නොමැතිවීම හේතුවෙන් මාස 11 ක දරුවෙකු මියගොස් ඇති පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවට ලක්වුණා. තිස්සමහාරාම විජයපුර පදිංචි මව්පිය යුවළකට දාව සිව්වැනි දරුවා ලෙස උපන් මලිත් වීරසිංහ මියගොස් තිබුණේ පසුගිය මැයි මස 15 වැනිදායි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මන්දපෝෂණය හේතුවෙන් දරුවා …

ඇමති රාජිතට විරුද්ධව වහාම පියවර නොගන්නේ නම් වැඩවර්ජනයකට සූදානම් – GMOA

(17.06.2019 – 19:55 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව වහා පියවරක් නොගන්නේ නම් වැඩවර්ජනයකට යාමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. සෙල්ෆි මරණ 2 ක් : පොසොන් පෝදා රූමස්සල මුහුදේ සෙල්ෆි ගැනීමට ගිය හමුදා සෙබළෙකු සහ …

සාෆිට එරෙහිව පැමිණිලි සංඛ්‍යාව 1000 ඉක්මවයි

(17.06.2019 – 19:50 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කර දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලට අද වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 827 ක් වන අතර, දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 164 ක්. එමෙන්ම දඹුල්ල පොලිස් ස්ථානයට …