Day archives: ජූනි 25th, 2019

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක ජල කප්පාදුවක්

(25.06.2019 – 10:17 +0530 – hirunews.lk/sinhala) කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතියක් වැඩිදියුණු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එදින පෙරවරු 9 සිට පසුදා (27) පෙරවරු 9 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මහරගම, …

කිරින්දේදී දළ රළට බිළි වුණු එකම පවුලේ තුන්දෙනා; හතරවෙනියා – මව – 29 වනදා මියයයි

(23.06.2019 – 19:04 +0530 – sinhala.adaderana.lk) කිරින්දේදී දළ රළට බිළි වුණු ජීවිත කිරින්ද මුහුදු තීරයේ රළ පෑගීමට ගිය එකම පවුලේ තිදෙනකු අද (23) රළ පහරකට හසු වී ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත් වුණි. විනෝද චාරිකාවක් සඳහා කිරින්දේ ගිය එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මෙලෙස මිය ගිය අතර දියණියන් දෙදෙනාගේ මව බරපතළ තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි. …

පොල්අතු නිවහන ගිනි අරන් දිඹුලාගල පවුලක් අවතැන්

(25.06.2019 – mawbima.lk) අවුරුද්දක් වයසැති කුඩා දරුවකු සමඟ ගැබිනි මවක සහ පියකු පදිංචිව සිටි දිඹුලාගල විජයබාහුපුර දේවගල ගම්මානයේ පොල්අතු සෙවිලිකළ කටුමැටි ගෙයක් ඉකුත්දා ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් එම දරු පවුලම අවතැන් වී ඇතැයි වාර්තා වේ. මෙම ගින්නෙන් තම හැඳුනුම්පත්, රෙදිපිළි උප්පැන්න සහතික, සායන පොත් මෙන්ම නිවෙසේ තිබූ මුළු සේසතම දැවී අළු වී යෑමෙන් තමන් දැඩි …