Day archives: ජූනි 8th, 2020

මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

(08.06.2020 – sinhala.news.lk) රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය …

“ගොනා කෝවිලේ රාජා” පොලිස් වෙඩි පහරින් මරුට

(07.06.2020 – 06:57 +0530 – hirunews.lk/sinhala) මිනීමැරුම් ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ ගොනා කෝවිලේ රාජා නැමති සැකකරු පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ අද (07) අලුයම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදි ඇතිවූ වෙඩි හුවමාරුවකදී මෙලෙස ඔහු මියගොස් ඇති බවයි. මිනුවන්ගොඩ – බල්ලපාන – දූනගහ පාරේදී …