Day archives: ජූලි 12th, 2020

අපි ඉල්ලන්නේ කොහෙවත් නැති අක්කර 72 ක් නොවේ..අගමැති මහින්දට මුහුදු මහා විහාරයේ විරෝධය

(11.07.2020 – colombotoday.com) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මුහුදු මහා විහාරාධිපති හිමියන් විසින් කොහේවත් නැති අක්කර 72 ක් ඉල්ලන බවට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මුහුදු මහා විහාරාධිපති ඉන්ද්‍රසිරි හිමියන් colombo today වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දී කියා සිටියේ, “මා කොහේවත් නැති අක්කර 72 ක් නොවේ ඉල්ලුවේ.. සෙනරත් පරණවිතාන මහතා විසින් …

අඟුලාන සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුගේ (3) වැඩ තහනම්

(12.07.2020 – 11:17 +0530 – hirunews.lk/sinhala) මොරටුව – ලූනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධියට සම්බන්ධ අඟුලාන පොලිස් නිලධාරින් 3 දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ නියෝග මත ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් අනතුරුවයි. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අගුලාන පොලීසියට අනුයුක්තව සේවය …

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී-56 අවි දෙකක් (2) සොයා ගැනේ

(11.07.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala) හෝමාගම – පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී-56 අවි දෙකක් (2) පිටිපන උතුර ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා. එහිදී ඊට අදාළ සැකකාර කොස්තාපල් රියදුරාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල පසුගිය …