Day archives: ජූලි 23rd, 2020

රහස් පොලීසියේ කණ්ඩායම් දෙකක් (2) – මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි සම්පායෝ සොයයි

(23.07.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala) තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදීප් අනුරුද්ධ සම්පායෝ ගොනුකළ පෙත්සම හෙට (24) සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ එය අද (23) කැඳවූ අවස්ථාවේදීයි. හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු සිව් …

සහරාන්ගේ කල්ලියේ සාමාජිකයන් CID ය සමඟ සබඳතා පැවති බවට පාස්කු කොමිසමේදී හෙලි වේ

(23.07.2020 – 12:34 +0530 – hirunews.lk/sinhala) සහරාන්ගේ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ‘ආමි මොහිදීන්’ අත්අඩංගුවට නොගත්තේ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සැකකරු සමඟ සබඳතා පැවැත්වූ නිසාවෙන් බවට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා. ඒ, එම කොමිසම හමුවේ ඊයේ (22) සාක්ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු කළ ප්‍රකාශයකට අනුවයි. එහිදී ඔහු කියා …