පාර්ලිමේන්තුවට ගේන්නේ දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවට හැදූ ව්‍යවස්ථාවක්

(19.10.2018 – mawbima.lk)

ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ව්‍යවස්ථාව දෙමළ ඩයස් පෝරාවේ වුවමනාවට සැකසූ ව්‍යවස්ථාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පැවැසීය.

එය පරාජය කිරීම සඳහා ජනතාව පෙළ ගැසිය යුතු බවද හෙතෙම කීවේය.

ජාතික ඒකාබද්ධ කමිටුව විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ආයතනයේ පෙරේදා (17 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මනෝහර ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.

එහිදී මනෝහර ද සිල්වා මහතා මෙසේද පැවැසීය :

මෙතෙක් කල් ඒකීය ශ්‍රී ලංකාවක් කියන වචනය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව කෙටුම්පතේ ‘ඔරුමිත්තනාඩු’ කියන වචනය යොදලා තියෙනවා. මෙය දෙමළ පරිවර්තනයට පමණක් නොවේ සිංහල පරිවර්තනයටත් යොදන්න යනවා. ඒකෙන් කියන්නේ ‘ෆෙඩරල්’ යන තේරුම. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී ඩග්ලස් දේවානන්ද මන්ත්‍රිවරයා පවා මෙයට විරුද්ධ වෙලා තියෙනවා සිංහල ජනතාව සහ දෙමළ ජනතාව නොමඟ යවන්න එපා කියලා.

‘ඔරුමිත්තනාඩු’ කියන මේ අලුත් වචනය මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ නෑ. ඒකීය රාජ්‍ය යන ලේබලය යොදලයි මේ අර්ථ නිරූපණය කරලා තියෙන්නේ. ආණ්ඩුව මේ කරලා තියෙන්නේ ඒකීය රාජ්‍ය කියන අර්ථය සම්පූර්ණ නොමඟ යැවීමක්. මෙම ව්‍යාජ ව්‍යවස්ථාවක් නිර්වචනය කිරීමට දරන උත්සාහය ජාතික ඒකාබද්ධ කමිටුව හෙළා දකිනවා.

ගෙවිඳු කුමාරතුංග මහතා :

ඔක්තෝබර් 23 වැනිදා සවස 4.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අපි මේ නව ව්‍යවස්ථාවේ තියෙන භයානකකම ගැන ග්‍රන්ථයක් ලෙසින් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

අපේ රටේ ජනතාව රවට්ටන්න අපේම සහෝදර පිරිසකගේ භාෂාවත් යොදා ගන්නවා නම් මොන තරම් නින්දිත ක්‍රියාවක්ද? රටක මූලික ව්‍යවස්ථාව ජනතාව රවටන ලියවිල්ලක් වෙනවා නම් එය අපේ රට විනාශයට හේතු වෙනවා. පසුගිය අවුරුදු කිහිපය තුළම ආණ්ඩුව අපේ රටේ උරුමය සහ ඉතිහාසයට එරෙහිව මේ කුමන්තණය කළා. දැන් අවසන් ලියවිල්ල සකස් කරලා තියෙනවා.

වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය :

අපේ රටේ ජනතාව අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලලා නෑ ෴

*****************************************

කොළඹ හදිසි ජල කප්පාදුවක්

(19.10.2018 – 11:51 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් අද දහවල් 12 සිට හෙට උදෑසන 5 දක්වා පැය 17 ක කාලයක් කෝට්ටේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශය, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 ප්‍රදේශවලට ජල සැපයුම එම කාලය තුළ අත්හිටුවනු ඇති.

එමෙන්ම, මහරගම, බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කොළඹ 06 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *