හෙට (12) සිට 15 වනදා දක්වා වෛද්‍යවරු රටපුරා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජන

(11.09.2017 – 15:05 +0530 – hirunews.lk/sinhala)

සයිටම් අර්බුදය විසදීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ ස්ථාවරයන්ට එරෙහිව හෙට සිට ලබන 15 වන දා දක්වා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජනයන්ට අවතීර්ණවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේදී යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙම වර්ජනය දියත් කරන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මේ අතර, වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේදී සලකා බැලෙන අවම ප්‍රමිතීන් සකස් කිරීම සඳහා පත් කළ වෛද්‍ය සභාවේ කමිටුව අද පස්වරුවේ රැස් වුණා.

ඒ, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේදී විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ සංශෝධිත නිර්ණායක 18 පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

මීට මාස 3 කට පෙර වෛද්‍ය සභාව මගින් වෛද්‍ය විද්‍යාලයකට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අවම ප්‍රමිතීන් සකස් කරනු ලැබුවා.

කෙසේ නමුත් එම නිර්ණායක සංශෝධනය විය යුතු ආකාරය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දී තිබෙනවා.

අදාළ සංශෝධිත නිර්නායක පිළිබදව අද පැවැත්වෙන සාකච්ඡාවේදී ගනු ලබන තීරණ වෛද්‍ය සභාවේ හෙට පැවැත්වෙන විශේෂ රැස්වීමට ඉදිරිපත් කෙරෙන බව වෛද්‍ය සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා ෴

*****************************************

හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ, මිලියන 500 ක වන්දියක් ඉල්ලා කැෆේ විධායක අධ්‍යක්ෂවරයාට එන්තරවාසියක්
(11.09.2017 – 16:01 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ ගැටුමේ කමිටු වාර්තාව යට ගැසූ බවට සිදුකළ චෝදනාවට එරෙහිව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ගෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යොමු කර තිබෙනවා.

යහපාලන ජාතික රජය බලයට පත්වූ පසු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ රැදවියන්ගේ ඝාතන සිද්ධිය පිළිබදව සොයා බැලීමේ කොමිසමක් පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, එම වාර්තාව අමාත්‍යවරයා විසින් වසර දෙකකට වැඩි කාලයක් සඟවාගෙන සිටි බව කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මීට පෙර මාධ්‍යයට කළ ප්‍රකාශයක් මෙම එන්තරවාසියට පදනම් වී ඇති බව සඳහන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *