ඇනලොග් X-ray ඩිජිටල් වෙයි

(25.10.2018 – 08:52 +0530 – sinhala.adaderana.lk)

රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩි දියුණු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රෝග මුල් අවස්ථාවේ දීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග විනිශ්චයකට එළඹීම සඳහා ඩිජිටල් එක්ස් කිරණ ඡායාරූප යොදා ගැනීම ප්‍රතිඵලදායකම තාක්ෂණික ක්‍රමවේදය වශයෙන් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව රජයේ රෝහල්වල දැනට භාවිතයට ගැනෙන ඇනලොග් එක්ස් කිරණ ඡායාරූප වෙනුවට ඩිජිටල් එක්ස් කිරණ තාක්ෂණය යොදා ගැනීමට යෝජනා වී ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල්වල දැනටමත් පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර 50 ක් ඩිජිටල් විකිරණ පැනල එකතු කර වැඩිදියුණු කිරීමට සහ ජංගම ඩිජිටල් එක්ස් කිරණ පද්ධති 25 ක් ලබා ගැනීමට සැළසුම් කර තිබේ.

ඒ අනුව, බෙල්ජියමේ FINEXPO ​සහන මුල්‍ය ක්‍රමය යටතේ ලැබෙන අරමුදල් භාවිත කරමින් ඉහළ තත්ත්වයේ තාක්ෂණයෙන් යුත් ඩිජිටල් විකිරණ පරීක්ෂණ පද්ධතියක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ ෴

*****************************************

කොළඹ වරායේ ගින්න නාවික භටයන් පාලනය කරයි

(24.10.2018 – 18:23 +0530 – sinhala.adaderana.lk)

කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේදී (JCT) ඇලුමිනියම් ෆොස්ෆයිඩ් (Aluminium Phosphide) වර්ගයේ රසායනික ද්‍රව්‍ය පිරවූ බහාලුමක් පිපිරී ගින්නක් හට ගෙන තිබේ.

මෙම ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම ඊයේ (23) සහාය දක්වා ඇත.

ඇතිවු ගින්න සම්බන්ධයෙන් නාවික හමුදාවට තොරතුරු වාර්තා වූ සැනින් බටහිර නාවික විධානයට අයත් ගිනි නිවීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව, ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම හා නාවික හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණ න්‍යෂ්ඨික ඒකකයේ නාවිකයින් සහ වරාය ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින් එක්ව මහත් පරිශ්‍රමයක් දරමින් එම රසායනික ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට කටයුතු කර ඇත.

https://s3.amazonaws.com/adaderanasinhala/1540385849-Colombo_Fire_L.jpg
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *