අධාර්මික රැකියා දෙකක් : කුකුළු පාලනය සහ කුකුළු සොරකම (CCTV)

(25.10.2018 – 17:10 +0530 – hirunews.lk/sinhala)

කුකුල් සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

අක්මීමන වලහන්දූව ප්‍රදේශයේ කුකුළු ගොවිපළකින් කිකිළියන් සොරකම් කිරීමේ සිද්ධියක් පිිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම ව්‍යාපාරය කරගෙන යන අතරවාරයේ අවස්ථා කිහිපයකදීම කිකිළියන් අතුරුදන් වුව ද ඒ පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවී නැහැ.

පසුව ගොවිපළ තුල කැමරා පද්ධතියක් සවිකර ඇති අතර ඊයේ (24) රාත්‍රී 10.30 ට පමණ තරුණයන් දෙදෙනෙකු පැමිණ කිකිළියන් සොරාගෙන යන ආකාරය එහි සටහන් වී තිබෙනවා.

රුපියල් හැට දහසකට අධික වටිනාකමකින් යුත් කිකිළියන් 150 ක් පමණ ගතවු කාලය තුල සොරකම් කර ඇති බවටයි ගොවිපළ හිමිකරුවන් ප්‍රකාශකර ඇත්තේ.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අක්මීමන පොලිසිය විමර්ශන සිදු කරනවා.

*****************************************

තමන්ගේ දරුවන් මියගිය පසු වෙනත් දරුවන් කැඳවා මව්කිරිදුන් පානදුරේ අම්මා

(25.10.2018 – 13:32 +0530 – hirunews.lk/sinhala)

මව් සෙනෙහස මෙලොව වෙනත් කිසිම දෙයකට සමකළ නොහැකි උතුම් සෙනෙහසක්.

කෙසේ වෙතත් මෑත කාලයේ සමහරක් මව්වරුන්ට උතුම් මව්පදවියේ වටිනාකම අමතක වී ගිය යුගයක තමන්ගේ වර්ගයේ නොවුනත් මව් සෙනෙහසින් පිරුණු සුනඛ මවක් පිළිබඳව පානදුරෙන් වාර්තා වනවා.

පානදුර වෙරළ තීරයේ සිටින මෙම සුනඛ මවගේ දරුවන් මියයාමෙන් අනතුරුව ඇය බළල් පැටවුන්ට මව් සෙනෙහස දක්වමින් මව්කිරි ලබාදෙන බවයි අපට වාර්තා වුනේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *