මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම්දෙයි – 2

නව අග්‍රාමාත්‍ය ලේකම් වැඩ භාර ගනී

(27.10.2018 – 15:17 +0530 – hirunews.lk/sinhala)

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කෙරුණු එස්.අමරසේකර මහතා අද පස්වරුවේ වැඩ භාර ගත්තා.

Update+%3A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93

ඔහු අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනය කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 – 01 ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණේ.

මීට අමතරව, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතා එම ධුරයෙන් ඉවත් කරමින් ද ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා ෴

+++++++++++++++++++++++++++

හැකිනම් අතුරු සම්මත ගිණුම පරාජය කර බහුතරය පෙන්වන්න – වාසුදේව

(27.10.2018 – 16:18 +0530 – lankadeepa.lk)

පාර්ලිමේන්තුව නැවත රැස් වූ පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලබන බවත් එය පරාජයට පත්කොට එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කීය.

මෙම බල හුවමාරුව ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් යැයි රනිල් වික්‍රමසිංහ මහතා නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව කී හෙතෙම එය තනිකරම දේශපාලන සටනක් බවත් එහි අරමුණ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුව සියතට ගැනීම බවත් අවධාරණය කළේය.

දේශපාලන ගැටුමක් නීති ප්‍රශ්නයක් හැටියට අර්ථකතනය නොකරන්නැයි ඉල්ලා සිටින බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂ විසින් කොළඹ පදනම් ආයතනයේදී අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

එක්සත් ජාතික පක්ෂය කළේ ජනාධිපතිවරයා පාවිච්චි කරගෙන ප්‍රතිවාදියා පරාජය කිරීම බවත් තම පාර්ශ්වය ද මෙම අවස්ථාවේ පාවිච්චි කළේ එම උපායමාර්ගයම බව ද නානායක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++

ක්‍ෂණික මහ මැතිවරණයක්.. – අගමැති මහින්ද ගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්.. එතෙක් අන්තර්කාලීන ආණ්ඩුවක්..

(28.10.2018 – 08:40 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුව රැස් වන පලමු දිනයේදීම පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීම සදහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ අවධානය යොමුව තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ තම ඡන්දයෙන් නායකයන් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව දිය යුතු බවයි.

මේ අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවන ලද්දේ නව පාර්ලිමේන්තු මැතිවණයක් දක්වා වු ඉතා කෙටි කාලයක් සදහා වන අන්තර්පාලන ආණ්ඩුවක් ලෙස බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.

ඒ මහතා සඳහන් කරන්නේ නිශ්චිත කාලයකින් පසුව පවත්වන මැතිවරණයකින් ජය ලබා නව ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බවයි ෴

++++++++++++++++++++++++++++

කතානායකගෙන් ජනපතිට විශේෂ ලිපියක්

(28.10.2018 – nethnews.lk)

කතානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රට තුළ දැනට උද්ගතව ඇති දේශපාලනමය අර්බුදකාරී තත්ත්නය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස ලැබී ඇති ඉල්ලීමක් පිළිබඳවයි.

දැනටමත් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සිය රටවැසියන් අරබයා නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් නිවේදන තුළින් ද උද්ගතව ඇති තත්ත්වයේ බරපතලකම මැනවින් විද්‍යාමානවනු ඇති බවද අදාළ ලිපිය තුළින් පෙන්වා දී තිබෙනවා.

(සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි)

https://1.bp.blogspot.com/-gYWT0n1iqkU/W9VHrxF9fSI/AAAAAAABCyA/AeJd96wF7c4mWTtD4n0W02YR95AMCSp0QCLcBGAs/s1600/001.jpg
https://1.bp.blogspot.com/-7MteFINkBFk/W9VIyf6JgUI/AAAAAAABCyM/wehmU8hYo6oVMq3M-XKg1zPbQaviWx3AQCLcBGAs/s1600/002.jpg

+++++++++++++++++++++++++++

“මරාගෙන මැරෙනවා” අරලියගහ මන්දිරය ඇතුලේ එජාප ආධාරකරුවන් කඳවුරු බඳියි, කෝප වු මන්ත්‍රීවරු තව තවත් ආධාරකරුවන් ගෙන්වයි!

(28.10.2018 – nethgossip.lk)

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරමින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගත්තා. කෙසේ වෙතත් අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරය හැරදා තමන් යාමට සූදානම් නැති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ වනවිට එජාප මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් අරලියගහ මන්දිරයට රැස් වී සිටිනවා. එම මන්ත්‍රීවරුන් සිය ආධාරකරුවන් රැගෙන පැමිණ තිබෙන අතර ආධාරකරුවන්ද අරලියගහ මැදුරේ රැඳි සිටිනවා. මේ අනුව මන්ත්‍රීවරුන් පාක්ෂිකයන් දිරි ගන්වමින් ඕනෑම සටනකට සුදානම් වන ලෙස පවසමින් සිටින අයුරුත් දැක ගත හැකියි.

අරලියගහ මන්දිරය අභ්‍යන්තර දර්ශන සහ එජාප මන්ත්‍රීවරුන් ආධාරකරුවන්ද දිරිමත් කරන වීඩියෝ කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

එම විඩියෝ පහතින්  :

කාලකන්ණි ආප්පයෙක් ගෙනැල්ලා කන පරිප්පුවට මරාගෙන මැරෙන්න වුනත් ලෑස්ති

කාලකන්ණි ආප්පයෙක් ගෙනැල්ලා කන පරිප්පුවට මරාගෙන මැරෙන්න වුනත් ලෑස්ති Like Us :Breaking.lkYoutube link : https://youtu.be/MTB78sLd4kw

Posted by Breaking.lk on Saturday, October 27, 2018

++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++

“මට දිගටම බලයේ ඉන්න සහය වෙන්න” රනිල් ඉවත් නොවේ, බටහිර තානාපතිවරුන් හමුවී සංවේදී ඉල්ලීමක් කරයි!

(28.10.2018 – nethgossip.lk)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට විදෙස් තානාපතිවරුන් රැසක් ඊයේ දින (27) අරලියගහ මන්දිරයට රැස් වූවා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුවයි. යුරෝපය ඇතුලු රටවල් ගණනක තානාපති නිළධාරීන් මේ සදහා එක්ව සිටියා.

එහිදි රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනුයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීම නීතිවිරෝධි බවත්, තමන්ට නැවතත් බලය ලබා ගැනීමට මැදිහත් වී සහය දෙන ලෙසය.

තමන් අගමැති වූ දිනයේ සිට එක්සත් ජාතීන්ගේ සංගමයට අවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ කරමින් සිටි බවත් මෙම ක්‍රියාව නිසා ඒ සියලු කටයුතු අඩපණ වූ බවත් එජාප නායකයා මෙහිදි තානාපතිවරුන්ට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවේ කටයුතු වලට විදේශ රටවල් මැදිහත් වීම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට දැඩි තර්ජනයක් බව සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජජාලා ක්‍රියාකාරිකයන් පෙන්වා දී තිබුනා.

http://nethgossip.lk//public/images/awaaa/bindu%20mendis/gssdsd/THISCDDSA/44723416_2112520165730874_3570064193249869824_n.jpg

++++++++++++++++++++++++++

අරලියගහ මැදුරේ පිංකමක්

(28.10.2018 – nethnews.lk)

මේ වන විට රටේ උද්ගතව ඇති දේශපාලනමය තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන පිරිස් අරලියගහ මන්දිරයේ රැඳී සිටිනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදායත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන තුරු අග්‍රාමාත්‍යවරයා ලෙස තමා කටයුතු කරන බවත් තමාගේ ඉවත්ව යෑම තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.

ඒ අනුව තවදුරටත් අරලියගහ මන්දිරයේ රැඳී සිටින එජාප සාමාජිකයින් එම පරිශ්‍රය තුළ පිරිත් පිංකමක් සංවිධානය කර තිබෙනවා.

https://1.bp.blogspot.com/-tVChZM4ZmlY/W9VQne9bEpI/AAAAAAABCyY/dXkiLrAy2-gwDlbNv--bAk3iTk2l8brBgCLcBGAs/s1600/44870324_2351237868437197_5856734558648532992_n.jpg

+++++++++++++++++++++++

අගමැති මහින්ද දළඳා සමිඳු වැඳපුදාගනී – එජාප මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ සහය අගමැතිට

(28.10.2018 – 10:37 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගැනීම සඳහා මහනුවර දළදා මාළිගාව වෙත පැමිණියා.

අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැදැක තිබෙනවා.

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනායක හිමිවරුන් බැහැදකින ප්‍රථම අවස්ථාව මෙයයි.

ඉන්පසු අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහ නාහිමියන්ද බැහැදැකීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඔහුට සිය සහය පළ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කළා.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ද මීට පෙර නව අග්‍රාමාත්‍යවරයා හමුවී ඔහුට සහය පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා මහතා ගේ ඊ.පී.ඩී.පී. සංවිධානයද අග්‍රාමාත්‍යවරයා වෙත සහය දක්වා සිටියා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සහය පළ කළේ ඔහු සිය තනතුරේ දිවුරුම් දුන් දිනයේදියි.

වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා අද ප්‍රකාශයක් කිරීමටද නියමිතයි.

++++++++++++++++++++++

++++++++++++++++++++++++++

රනිල්ගෙන් තවත් දෙකක් ගැලවෙයි.. මහින්දට එක්වෙයි..

(28.10.2018 – 17:30 +0530 – lankacnews.com)

කදුරට ජනතා පෙරමුණ නියෝජනය කරන එම පක්ෂයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි.රාධාක්‍රිෂ්ණන් මහතා සහ එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.අරවින්ද කුමාර් මහතාගේ සහයෝගය ලබාදිමට එම පක්ෂයේ විධායක කමිටුව ඔවුන් දෙදෙනාට පුර්ණ අනුමැතිය ලබාදි ඇති බව එම පක්ෂයේ විධායක කමිටුවේ ප්‍රකාශකයෙකු පැවසිය.

එම කමිටුවේ විශේෂ රැස්විමක් අද (28) කොළඹදි පවත්වා ඇති අතර, එහිදි මෙම තිරණය එකමතිකව ගෙන ඇත.

එම පක්ෂයේ නායක වි.රාධාක්‍රිෂ්ණන් මහතාට කැබිනට් අමාත්‍යය ධුරයක් ලැබිමට නියමිත බවද එම පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

++++++++++++++++++++++++++++

අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට

(28.10.2018 – 18:33 +0530 – lankadeepa.lk)

ප‍්‍රවීණ චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන රොහාන් වැලිවිට මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්කරනු ලැබ සිටී.

ඒ මහතා අග‍්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා අතින් අද (28) සවස අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

හෙතෙම මීට පෙර හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ අමාත්‍යංශ ගණනාවක මෙන්ම විපක්‍ෂනායක හා අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති වැලිවිට මහතා මහින්ද රාජපක්‍ෂ මහත ජනාධිපතිධූරයට පත්වීමේන පසුව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළේය.

පන්නිපිටිට ධර්මපාල විද්‍යාලයේ ආදි සිසුවෙකුවන රොහාන් වැලිවිට මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ අධ්‍යක්‍ෂක ලෙසද කටයුතු කර ඇත ෴

++++++++++++++++++++++++

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සොයන්න විශේෂ කමිටුවක්

(28.10.2018 – 13:27 +0530 – sinhala.adaderana.lk)

වර්තමානයේ රට තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධීව සිදුව ක්‍රියා පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත එම කමිටුව පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව තීරණය වූ බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

වත්මන් අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 120 දෙනෙකුට වැඩි පිරිසක් සහය පල කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

++++++++++++++++++++++++

(28.10.2018 – 19:58 +0530 – hirunews.lk/sinhala)

++++++++++++++++++++++

(28.10.2018 – 19:08 +0530 – hirunews.lk/sinhala)

++++++++++++++++++++++++

හිටපු අගමැතිගේ, අගමැති ආරක්ෂාව ඉවත් කෙරේ

(29.10.2018 – 07:16 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉවත් කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති බව සඳහන්.

එමඟින් දක්වා ඇත්තේ ජනාධිපතිවරයා විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කර ඇති බවයි.

එබැවින් හිටපු අග්‍රාමාත්‍යවරයාට ලබාදී ඇති අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයට සහ විශේෂ කාර්ය බලකායට අනුයුක්තව යොදවා සිටි අතිරික්ත නිලධාරීන් ඉවත් කරන ලෙස එම ලිපිය මගින් පොලිස්පතිවරයා දැනුම්දී තිබෙනවා.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට නිලධාරීන් 10 දෙනෙකුගේ කණ්ඩායමක් පමණක් යොදවන ලෙසත් මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් ෴

http://static.lankadeepa.lk/assets/uploads/image_634f16bc27.jpg

++++++++++++++++++++++++

හිටපු අගමැති ආරක්ෂාව ඉවත් කිරීමත් සමඟ පාක්ෂිකයෝ අරලියගහ මැදුරට

(29.10.2018 – 14:36 +0530 – lankadeepa.lk)

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබු ආරක්ෂාව ඉවත් කිරීමත් සමඟ එක්සත් ජාතික පාක්ෂිකයෝ විශාල පිරිසක් මේ අරලියගහ මන්දිර පරිශ්‍රයට පැමිණ සිටිති.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමන් ස්වෙච්ඡාවෙන් පැමිණ මෙහි සිටින ඔවුහු පවසති

අරලියගහ මන්දිරයේ පසෙක පිරිත් මණ්ඩපයක් ද ඉදිකර මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ඣායන කරන අයුරු දැකිය හැකිය.

++++++++++++++++++++++++

මහින්ද වැඩ අරඹයි

(29.10.2018 – 12:40 +0530 – sinhala.adaderana.lk)

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් වැඩ බාර ගෙන තිබේ.

ආගමික වාතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද (29) සිදු විය.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ කටයුතු ආරම්භක කරන ලදි.

මේ අතර, අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා බාර ගැනීම සමඟ රට පුරා සිටින පාක්ෂිකයන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා කළ බව ද අප වාර්තාකරුවන් පැවසීය.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමටද නියමිත බව ආරංචිමාර්ග පවසයි.

++++++++++++++++++++++++

අවුරුදු ගාණකට පසු ඇමරිකාවට ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මතක් වෙයි.. පාර්ලිමේන්තුව කැඳවන්නැයි දන්වයි..

(29.10.2018 – 17:30 +0530 – lankacnews.com)

හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව යලි කැඳවන්නැයි ඇමරිකා එක්සත් ජනපදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

එරෙට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය නිකුත් කරමින් මෙම ඉල්ලීම කර ඇත.

නිවේදනයේ සදහන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ මහජන නියෝජිතයන්ට තම වගකීම් ඉටු කිරිමට අවස්තාව දිය යුතු බවයි.

පරමාධිපත්‍ය උල්ලංඝණය කරමින් මැතිනරණ දින නියමයක් නැතිව කල් දැමීම, දි.මු. ජයරත්න ඉවත් කර රනිල් වික‍්‍රමසිංහ අගමැති කිරිම, මොහාන් පීරිස් අගවිනිසුරු දූරයෙන් පහ කිරිම ආදී කිසිදු කටයුත්තකදී පසුගිය වසර තුනහමාරක කාලයේම කිසිදු නිවේදනයක් නිකුත් නොකල ඇමරිකාව විසින් මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂය.

මේ අතර අද පස්වරුවේ ඇමරිකා තානාපති රොබට් හිල්ටන් හා ඇමරිකානු තනාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ඇන්තනී රෙන්සුල්ලි පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසුරිය මහතා මුණ ගැසිනි.

ඔවුන් සදහන් කර ඇත්තේ මෙරට උද්ගත ව ඇති තත්වය පිළිබඳව ගැන තමන් විමතියට පත් වු බවත් ඒ ගැන ඇමරිකාවේ දැඩි සැලකිල්ල යොමු කරන බවත්ය.

ඉතා ඉක්මණින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මගින් අස්ථාවරභාවයට විසදුම් සෙවීම තම රටේ අපේක්ෂාව බවත් ඔවුන් දන්වා ඇත ෴

++++++++++++++++++++++++

හිටපු අගමැති රනිල් ගෙන් විශේෂ ප්‍රකාශයක්

(29.10.2018 – 17:31 +0530 – sinhala.adaderana.lk)

පටු දේශපාලන තර්කවලින් ඉවත්ව ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා සියලු දෙනාට එක්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි.

මීට සුළු වේලාවකට පෙර අරලියගහ මන්දිරයේ දී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

මානව හිමිකම් ආරක්ෂා කරමින් යහපාලන ආණ්ඩුව යටතේ ජනතාවට සහන රැසක් ලබා දුන් බවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කළ බවත් හිටපු අගමැතිවරයා කියා සිටියේය.

ඊයේ(28) සවස ජනාධිපතිවරයා ජාතිය අමතමින් තමාටත් කැබිනට් මණ්ඩලයටත් චෝදනා කර සිටි බවත් පැවසු හිටපු අගමැතිවරයා, 19 වන ව්‍යවස්ථා අනුව රටේ විධායක බලතල සීමා වී ඇති බව ද පැවසීය.

අගමැතිවරයෙක් තෝරා ගැනීම සඳහා 42(4) උපවගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි මන්ත්‍රීවරයා පත්වන බවත් පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා, එයට පටහැනිව මෙම පත් කිරීම සිදු කර ඇති බව ද කියා සිටියේය.

ජනාධිපතිවරයා කුඩා ළමයෙක් මෙන් විශ්වාස කල නොහැකි කථා සිදු කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි නීති විරෝධි, අවස්ථාවාදී වැඩපිළිවෙලක් දැක ගත නොහැකි වු බවත් පැවසු එතුමා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට සිදුවු දෙයින් මාධ්‍ය නිදහස පිළිබඳව සිතා ගත හැකි බව ද කියා සිටියේය.

මෙම උද්ගත වී ඇති තත්ත්වයට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තුව තුළ බවත්, එනිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් පැවසු හිටපු අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථා විරෝධි, ඒකාධිපති පාලනයක් සඳහා කිසිවිටෙකත් ඉඩ නොදෙන බවද පැවසීය.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

TV Derana > 360 with Udaya Gammanpila (29-10-2018)

++++++++++++++++++++++++

Hiru TV > Salakuna with
Wimal Weerawansa (29.10.2018) : Part 1, 2, 3 & 4

++++++++++++++++++++++++

හිටපු ඇමතිවරුන්ගේ ආරක්ෂාව අඩු කෙරේ

(30.10.2018 – 08:02 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පතිවරයාගේ උපදෙස් මත හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු කර තිබෙනවා.

දැනට අමාත්‍යවරයෙකුට ආරක්ෂාව සඳහා නිලධාරීන් 7 දෙනෙකු යොදවා ඇති අතර එය දෙදෙනෙකු (02) දක්වා අඩු කිරීමටයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව ඔවුන්ට අද (30) සිට මන්ත්‍රීවරයෙකුට ලබාදෙන ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා ෴

++++++++++++++++++++++++

මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථානුකූලයි.. නීත්‍යානුකූලයි.. නීතිපතිගේ මතය කථානායක සඟවයි.. නීතිපතිගේ නිවේදනය මෙන්න…

(30.10.2018 – 22:40 +0530 – lankacnews.com)

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථානුකූලදැයි කථානායක කරු ජයසූරිය මහතා විසින් කරන ලද විමසීමකට වැඩබලන නීතිපති දප්පුල ලිවේරා මහතා ප‍්‍රතිචාර දක්වා ඇත.

වැඩබලන නීතිපතිවරයා සදහන් කර ඇත්තේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම සිදු කර ඇති බවත් එය නීත්‍යානුකූලව සිදුව ඇති බවත්.

රජයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සදහන් කලේය.

කෙසේ වෙතත් කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කල පහතින් දැක්වෙන නිවේදනයක දැක්වෙන්නේ එවන් තීන්දුවක් නීතිපතිවරයා විසින් මෙතෙක් දන්වා නැති බවයි.

නව අගමැති පත් කිරිම නීත්‍යානුකූලයි – නිතිපති එවූ ලිපිය මෙන්න

Posted by Our President – අපේ ජනපති on Tuesday, October 30, 2018

++++++++++++++++++++++++

කථානායක රාජද්‍රෝහියෙක් වෙන්න යයි..

(30.10.2018 – 17:30 +0530 – lankacnews.com)

ජනාධිපතිවරයා විසින් කල් දමන ලද පාර්ලිමේන්තුව කැදවීමට කථානායකවරයාට කිසිදු බලයක් නැති බවත් එය ව්‍යවස්තා විරෝධී බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් සිය බලතල ප්‍රකාරව කල් දැමූ පාර්ලිමේන්තුව නීතිවිරෝධී ආකාරයෙන් කැඳවීමට තැත් කිරීම රාජද්‍රෝහී කුමන්ත්‍රණයකට හවුල් වීමක් බවත් ඔහු සදහන් කරයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ කරු ජයසූරිය මහතාගේ නම ඉදිරියෙන් ඇති ‘දේශබන්දු’ කෑල්ල වෙනුවට ‘රාජද්‍රෝහී’ කෑල්ලක් එකතුකර නොගන්නා ලෙසයි ෴

++++++++++++++++++++++++

30-10-2018

++++++++++++++++++++++++

30-10-2018

++++++++++++++++++++++++

අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ වැඩ අරඹයි

(31.10.2018 – 09:53 +0530 – sinhala.adaderana.lk)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයයේ වැඩ බාර ගෙන තිබේ.

ඒ මීට සුළු වෙලාවකට පෙර මුදල් අමාත්‍යාංශයේ දී මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ධූරයේ වැඩ ආරම්භ කළේය.

දීර්ඝ කාලයක් මෙම අමාත්‍යධූරය දරපු අමාත්‍යවරයෙක් ලෙස ඉතා සන්තෝෂයෙන් තමා අතීතයේ කටයුතු කළ බව ද මහින්ද රාජපක්ෂ මහතා සභාව අමතමින් කියා සිටියේය.

සුනාමිය පැමිණි කාලයේ දී ප්‍රශ්න රාශියක් මැද රටේ ආර්ථිකය ඉතා කෙටි කාලයකින් විසඳා ගැනීමට හැකි වු බව ද ඔහු සඳහන් කරයි.

ඉන්ධන මිල සෑම මසකම 10 වනදා සංශෝධනය වන ලෙස සකස් කර ඇති මිල සූත්‍රය වෙනුවට වෙනත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නිසි මූල්‍ය කලමණාකාරීත්වයෙන් යුතුව යුද්ධය පැවති කාලයේ තමා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවද වැඩි දුරටත් පැවසීය.

ජාත්‍යන්තර වෙළඳ පොළේ තෙල් සීඝ්‍රයෙන් ඉහළ ගිය ද ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට තමාට මෙම අමාත්‍යාංශය යටතේ හැකියාව ලැබුණු බව ද කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා තමා මුදල් අමාත්‍යාංශය දැරූ කාලයේ දී අය වැය හිඟය පවා ක්‍රමානුකූලව අඩු කිරීමට හැකි වු බව පැවසීය.

අද වන විට ග්‍රාමීය ආර්ථිකය දැඩි පසු බෑමකට ලක්ව ඇති බවත් නාගරික පරිසරය දැඩි ලෙස පරිහානියට පත්ව ඇති බව ත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මැතිවරණ කල් දැමීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වී ඇති බව ද පැවසු රාජපක්ෂ මහතා, අද වන විට මුළු ලෝකෙටම රට ඒකාධිපති පාලනයකට යන බව අගවන බවත් කියා සිටියේය.

අද වන විට මුදල් අමත්‍යාංශය අභියෝග රැසකට මුහුණ දීමට තිබෙන බව ද පැවසු රාජපක්ෂ මහතා, බදු ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත්, ආර්ථිකය පිළිබඳ නිශ්චිතභාවයක් ඇති කළ යුතු බවත් පැවසීය.

දේශීය කර්මාන්ත බොහෝ සෙයින් අඩපණ වී ඇති බවත් කියා සිටි අමාත්‍යරවයා හඳුන්කූරු පවා අද වන විට පිටරටින් ගෙන්වන බව පැවසීය.

ජනාධිපති වශයෙන් මුදල් අමාත්‍යධූරයේ කාලයක් සිටි බවත්, දැන් අගමැති වශයෙන් මුදල් අමාත්‍ය ධූරයේ සිටින බවත් රට ආරක්ෂා කර ගනිමින් රටේ ආනගත පරපුර වෙනුවෙන් ආර්ථිකය ගොඩ නැඟීම තම බලාපොරොත්තුව බව ද ඔහු පැවසීය.

++++++++++++++++++++++++

හිටපු අගමැති රනිල්ගේ ඉල්ලීම මත, ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී හමුවෙයි

(02.10.2018 – 07:37 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත මෙම හමුව සිදුව ඇති බව සඳහන්.

එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයෙන් නික්ම යන විට රනිල් වික්‍රමසිංහට සියලු ආරක්ෂාව ලබාදීමට සූදානම් බවයි.

ඔහු ඉන් ඉවත් වීමෙන් පසුව ද එලෙස ආරක්ෂාව සහතික විය හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා ෴

++++++++++++++++++++++++

පාර්ලිමේන්තුව කැඳවන දිනය කරූ හරියටම කියයි

(02.10.2018 – 11:01 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට ජනාධිපතිවරයා විසින් එකඟතාවයකට පැමිණි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අද (02) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව ආරම්භ වී තිබේ.

නොවැම්බර් මස 16 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබුණ ද තමා සමඟ සිදු කළ සුහද කථා බහෙන් පසුව පාර්ලිමේන්තුව ලබන සතියේ කැඳවීමට එකඟතාවය පළ කළ සිටි බවත්, පැවසූ කරූ ජයසූරිය මහතා පසුව එම දිනය 7 වන දා බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව වහාම කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසුකච්චි, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ කළ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය දැක්වීම සඳහා මෙම හමුව අද දිනයේ දී පවත්වා තිබේ.

++++++++++++++++++++++++

රාජිතට හිමි පුටුව ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධය

(02.11.2018 – 10:25 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට නව රජයේ සෞඛ්‍ය අමාත්‍යධූරය හෝ වෙනත් අමාත්‍යධූරයක් හිමි වීම කෙරෙහි ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්, මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වත්මන් අග්‍රාමාත්‍යවරයා වෙත ද ලිපියක් යොමු කර ඇති බව වාර්තා වෙයි.

රටේ සාතිශය බහුතර ජනතාවගේ පිළිකුලට ලක්ව ඇති මෙවැනි පුද්ගලයෙකු කිසිසේත් වත්මන් කැබිනට් මණ්ඩලය තුළ නොසිටිය යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි ෴

++++++++++++++++++++++++

*****************************************

මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම්දෙයි – 1

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • We have seen and listened to Araliyagaha gang, and they are blaming that President can’t do this and the 19th Amendment do not allow him to remove the Prime Minister etc. Former PM claimed that he has the majority in the house etc. etc. Did anyone even ask as to how it happened back in 2015, when President of SL appointed RW as PM even without majority members in the Parliament?

    We just heard what President has to say about three and half years of Yahapalana drama. There are no other options left for President than sacking all of them. All balance minded people of this country should realize and support the new PM and let them plan for new elections when things are settled soon.

    We have seen what RW government did in the past +3 years and here I have listed them briefly.

    – By hook or by crook they wanted to hold on to the government until no-one can takes it over. This is exactly the reason why 19th Amend got approved in the Parliament. Not even opposition had time to go through the content until they realized it at a later stage. All other laws had also been approved with contribution from small parties by paying them under the table. Green team had enough money to pay for MPs after CB bond scam. No-confidence motion is gone past by paying the MPs or blocking oppositional activity in the Parliament. The Green team managed to sandbagging to protect their very existence using simple majority headcount in the Parliament.

    – The next main objective was to get as maximum as possible opposition members to the courts and put them in prison. We have seen two of the major cases just resolved. We will see similar outcome for others cases as well.

    – The next objective was to obey and follow the direction given to them by Foreign countries and NGOs who supported the elimination of MR government in Jan 2015. This includes Tamil Diaspora living in western countries.

    – Since the beginning they didn’t have idea as to how SL economy can run and most needed revenue can be earned. None of them have ever had experience. So, all decisions were to sell properties and pay bills. We had seen in statistics as to how burrowing increased from 23 BUSD (30% SL GDP) in end 2014 to 35 BUSD (43 % SL GDP) in 2018. So, what have they done with the benefit of low oil price in 2015 to 2017 and income earned of selling Hambanthota harbor to China – to name a few?

    – Remainder of time, the Cabinet members were trying to snatch anything that they can put hands on and sell to a foreign company for few bugs. It’s like a drug addicted son selling properties when parents are gone away. As a confirmation we just heard from President of many other disastrous projects generated by former PM

    – The mother of all incidents was DIG’s involvement in a conspiracy to kill MS and GR. This was the end of entire “Tom and Jerry” saga. This was finally backfired on Green boss and Die-hard members in the team. At last, their sandbags were apparently having a leak and no-one (Westerners and NGOs) is capable of protecting them from drowning.

    The Green team is now barricading at Araliyagaha and responding angrily to MS’s decision to eliminate them but not a word on their “cold war” treatments against him. We will come to know how many MPs would remain in the green party within next few weeks.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *