රාජ්‍ය මාධ්‍ය ආයතනවලට වැඩබලන සභාපතිලා එයි

(28.10.2018 – 22:03 +0530 – sinhala.adaderana.lk)

ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් සිදු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව වැඩබලන සභාපති ලෙස නීතිඥ සරත් කෝන්ගහගේ මහතා පත් කර තිබේ.

ස්වාධීන රූපවාහිනි සේවය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සඳහා වැඩබලන සභාපතිවරයා වශයෙන් ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පත් කර ඇත.

මේ අතර, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සඳහා වැඩබලන සභාපතිවරයා වශයෙන් වසන්ත ප්‍රිය රාමනායක මහතා පත් කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *