විල්පත්තු වන විනාශයක් ඇත්දැයි මන්නාරමේ ජනතාවගෙන් විමසයි

(11.09.2017 – 12:37 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම විල්පත්තු ජාතින වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් මේ දිනවල මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිනවා.

මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ දිනවල අදාල ජනතා අදහස් විමසන අතර එස්.බී.ඒ.බී. බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් විල්පත්තු වනාන්තරය අවට පදිංචිව සිටින වැසියන්ගේ ජනතා අදහස් විමසීම අරඹා තිබෙනවා.

මෙහිදී විල්පත්තුව අවට පදිංචිව සිටින වැසියන් රැසක් ජනාධිපති කොමිෂමේ නිලධාරීන් හමුවේ ඔවුන්ගේ මුල් ගම් බිම්වල අයිතිය තහවුරු කරවීම සඳහා වූ මුල් ඔප්පු ඇතුලු බොහෝ ලියකියවිලි කොමිෂමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් යුද්දෙට පෙර සිටම පරම්පරාගතව මෙම ප්‍රදේශවල ජීවත් වන හෙයින් එම අයිතිය තමන්ට ලබා දෙන ලෙසයි.

එහිදී කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද ජනාධිපති කොමිෂම් නිලධාරීන් විසින් මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වන ජන හමුව වෙත ගොස් කියා සිටියේ,

‘පරම්පරාගතව සිටින වැසියන්ගේ මුල් ඉඩම් නැවත ඔවුන් වෙත ලැබිය යුතු බවටත් යුද සමයේදී කොටි සංවිධානය විසින් එකවරම විල්පත්තු අවට වැසියන් පන්නා දැමීමෙන් පසුව වසර ගණනාවක් අවතැන්ව සිට නැවත පදිංචි වූ මේ වැසියන්ට ඔවුන්ගේ අයිතිය ලබා දීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු’ බවටයි.

‘එමෙන්ම විල්පත්තු අවට නැවත් පදිංචි වූ ජනතාව කිසිලෙසකින් විල්පත්තු වනාන්තරයට හානියක් නොකොට ඇති අතරම ඇත්ම් සංවිධාන හා විවිධ පුද්ගලයින් විසින් බොරු ප්‍රචාරයන් පතුරා නැවත පදිංචි වූ ජනතාවගේ අයිතිය අවදානමකට ලක් කොට ඇති’ බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *