ඕනෑම පළාතක කෙනකුගේ උප්පැන්න – මරණ හෝ විවාහ සහතික විනාඩි පහෙන් ගත හැකියි

(30.10.2018 – mawbima.lk)

සියලුම පළාත්වල පදිංචිකරුවන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සියල්ල කොළඹ දිස්ත්‍රික්ක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් විනාඩි පහෙන් ලබාගැනීමේ සේවාවක් ආරම්භ විය.

සියලුම පළාත්වල පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් බත්තරමුල්ලේ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයෙන් විනාඩි පහෙන් කඩිනමින් ලබාදීමේ යෝජනාව මේ අනුව ක්‍රියාත්මක විය.

මේ වැඩසටහන යටතේ 1960 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා මෙරට උපන්, විවාහ වූ සහ මරණයට පත් වූ අයගේ සහතික සියල්ල කඩිනමින් ලබාගැනීමේ හැකියාව ලැබේ.

රට තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අතරින් 183 ක පමණක් මෙවැනි සේවාවක් කලින් පැවැති අතර එය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අපේක්ෂාවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී ඊට අමතරව මාලිගාවත්ත සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් මධ්‍යම ලේඛනාගාරයේදී මේ කඩිනම් සේවාව දැන් ක්‍රියාත්මකයි.

‘‘නූතන තාක්ෂණය අනුව මේ ක්‍රමය වෙනස් කළා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම තිබෙන 1960 වර්ෂයෙන් පසු නිකුත් කළ උප්පැන්න සහතික, විවාහ සහතික සහ මරණ සහතික පිටපත් කරලා අපේ දත්ත ගබඩාවට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ තිබෙන සේවා කවුළු දෙකකින් ඕනෑම අයකුට මේ සේවාව ලබාගත හැකිය.

2012 සිට මේ දක්වා සහතික තවම පිටපත් කර අවසන් නැහැ. එය අවසන් වූ වහාම එම වර්ෂවල නිකුත් කළ සහතික ලබාගැනීමේ පහසුකමක් අපි කඩිනමින් සලසනවා. එමෙන්ම ඉදිරියේදී උප්පැන්න සහතික රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සහිතව නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් සකස් කරමින් තිබෙනවා.’’

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මේ වැඩසටහන මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තදබදය අඩුවීමටද හේතුවක් වනු ඇති බවයි ෴

*****************************************

මත්තේගොඩ බැංකු කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් පොලිසියට කොටු – මුදල් සහ රන් භාණ්ඩවලින් කොටසකුත් හමුවෙයි

(30.10.2018 – 09:55 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව – මත්තේගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94++-++%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

ඒ, පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් තුළ දියි.

මෙහිදී අදාළ බැංකුවෙන් කොල්ල කන ලද රුපියල් ලක්ෂ 93 ක පමණ මුදලක් සහ රුපියල් ලක්ෂ 493 ක් පමණ වටිනා රන් භාණ්ඩ වළ දමා තිබියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

එසේම අදාළ රාජ්‍ය බැංකුවේ සී.සී.ටී.වී. පද්ධතියේ වීඩියෝ පටිගත කිරීමේ උපකරණය සැකකරුවන් හංවැල්ල – පරණ පාරෙන් කැළණි ගඟට විසි කර ඇති බව ද, පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

එම කොටස් ගොඩ ගැනීම සඳහා මේ වන විට කිමිදුම්කරුවන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මොටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් අදාළ රාජ්‍ය බැංකුව කොල්ල කා පළා ගියේ පසුගිය සිකුරාදායි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *