අරලියගහ මන්දිරයට ගිය රජයේ නිලධාරීන්ට පහරදී, තර්ජනය කිරීම ගැන පැමිණිලි

(31.10.2018 – 17:13 +0530 – hirunews.lk/sinhala)

අරලියගහ මන්දිරයේ රාජකාරි කටයුතු සඳහා ගිය රජයේ නිලධාරීන්ට පහරදී, බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා අද පොලිස්පතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි කර තිබෙනවා.

මේ වනවිට අරලියගහ මන්දිරයේ රැඳී සිටින පිටස්තර පිරිස් මෙලෙස රජයේ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කළේ.

++++++++++++++++++++++++

තර්ජනය කිරීමක් ගැන අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

(31.10.2018 – 17:52 +0530 – sinhala.adaderana.lk)

අරලියගහ මන්දිරයේ සිටි රාජ්‍ය නිලධාරීන්ට කිසියම් පිරිසක් විසින් තර්ජනය කර හිරිහැර කළ බවට පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් පවසයි.

අරලියගහ මන්දිරයේ සේවය කළ නිලධාරීන් පිරිසක් මාරු කර යවා ඇති බවත් ඒ නිලධාරීන්ගේ බඩු බාර දීමට ගිය අවස්ථාවේ පුද්ගලයින් පිරිසක් ඇවිත් බැන වැදී තර්ජනය කර ඇති බවත් අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (31) දහවල් හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාර්යාලය වන අරලියගහ මන්දිරයට ඇතුල් ඇති බවයි.

අරලියගහ මන්දිරයේ තිබෙන යම් යම් කාර්යාලීය උපකරණ පිළිබදව පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට සූදානම් වීමේදී මහජනතාව හා ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන බවත් සිද්ධිය සැල වූ වහා අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව නොසන්සුන්තාවය සමනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් නිවේදනය කරයි.

මෙම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයන් දෙදෙනා සිය අනන්‍යතාවය ඔප්පුකිරීමට හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් තොරව අරලියගහ මන්දිරයට ඇතුල් වී තිබෙන බව ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණයේදී හෙළි වී ඇති බවත්,තමන් පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ සිට බවත් තමන්ට අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ තිබෙන කාර්යාලීය උපකරණවල සංඛ්‍යා ලේඛන ලබා ගන්නා ලෙසටත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයෙන් උපදෙස් ලබාදුන් බව ආරක්ෂක නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කරන ලද නිවේදන සම්බන්ධයෙන් ද පොලිස්පතිවරයාට පැමිණිලි කර බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++++

එජාප ආධාරකරුවන් කල්ලි ගැසී අරලිය ගහ මැදුරේ – අගමැති නිල නිවසට සිදුව තිබෙන දෙය!

(31.10.2018 – nethgossip.lk)

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස මෙන්ම රාජ්‍යත්වයේ සංකේතයක්ද වන්නේ අරලිය ගහ මන්දිරයයි. මේ වන විට අරලියගහ මන්දිරයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු එජාප මන්ත්‍රීවරුන් සිය ආධාරකරුවන් සමග රැස් වී සිටිති.

කෙසේ වෙතත් එලෙසින් එජාප ආධාරකරුවන්ද මේ දිනවල නැවති සිටින අගමැති නිල නිවසේ ඡායාරූප කිහිපයක් සමාජජාලා මාධ්‍යයන්හි කතාබහට ලක්ව තිබෙන්නේ. ඉන් දැක්වෙන්නේ අගමැති නිල නිවස අපිරිසිදු වී තිබෙන අන්දම සහ ඇතැම් පිරිසක් අරලිය ගහ මන්දිරයේ ඕමි ක්‍රීඩාවේ නිරතව සිටිනා අයුරුයි.

එම අවස්තාවේ ඡායාරූප පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *