අමිත් වීරසිංහට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

(31.10.2018 – 14:53 +0530 – hirunews.lk/sinhala)

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මහනුවර මහාධිකරණයෙන් නියම කළ ඇප නියෝගය අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලන්සූරිය මහතා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, එක් අයෙකු රුපියල් ලක්ෂ 5 ශරීර ඇප 3 ක් සහ රුපියල් 25,000 මුදල් ඇප මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

ඊට අමතරව සෑම ඉරුදිනකම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන්ට නියෝග කෙරුණා.

ගොනුකර තිබූ මෝසමක් සලකා බැලීමෙන් පසු, මහනුවර මහාධිකරණය පසුගියදා මොවුන්ට ඇප නියම කළ අතර, මාස 7 කට ආසන්න කාලයක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ මහනුවර ඇති වූ නොසන්සුන්කාරි සිද්ධිය සම්බන්ධයෙන්.

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබාගැනීමේ අරමුණින් පසුගිය රජය මහනුවර ගැටුම ඇති කළ බවයි.

ඒ අනුව සිංහල පිරිස් පමණක් අත්අඩංගුවට ගෙන අගමැතිට එරෙහි විශ්වාසභංගයේදී මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබාගත් බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම පොලිස්පතිවරයා නාමල් කුමාරට ලබාදුන් ලක්ෂ 5 ක මුදලද හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබාගත් බවද ඔහු එහිදී හෙළිකළා.

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

නාමල් කුමාර තවත් හෙළිදරව්වකට සූදානමින්

(30.10.2018 – 21:17 +0530 – hirunews.lk/sinhala)

ජනපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කිරීමට තමන් සූදානම් බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා.

අද අම්පාරේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු පැවසුවේ අදාළ පුද්ගලයා රාජ්‍ය සේවකයෙකු බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *