මලික්, මංගල ඇතුළු රනිල් වික්‍රමසිංහගේ සමනල් කල්ලිය නිසා මිනිසුන්ට යහපාලනය තිත්ත වුනා – බොදු බල සේනා සංවිධානය

(01.11.2018 – colombotoday.com)

මලික් සමරවික්‍රම, මංගල සමරවීර ඇතුළු සමනල් කල්ලිය සිදුකල ක්‍රියා කලාපය හේතුවෙන් රටේ ජනතාවට යහපාලනය තිත්ත වූ බව පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමි අද (01) පැවති බොදු බල සේනා මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

“මිනිස්සු ගහලා පන්නන්න කලින් කනෙන් අල්ලලා අගමැති ධූරයෙන් එලියට දැම්ම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හරිනම් රනිල් වික්‍රමසිංහ මල් තියලා වඳින්න ඕනේ” යැයි උන්වහන්සේ මෙහිදී සඳහන් කර සිටියා.

NGO බත් බැලයන්ගේ මෙහෙයවීමෙන් රනිල් වික්‍රමසිංහ රට වලපල්ලට ගෙනගිය බවත් දැන් ඔවුන් එකතුවී මංගල සමරවීර සමග රටට ආර්ථික සම්බාධක දමන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලිම් කිරීමේ දේශද්‍රෝහී ක්‍රියාව සිදු කරමින් සිටින බවත් සුදත්ත හිමි මෙහිදී සඳහන් කර සිටියා.

Posted by Colombo Today – අද කොළඹ on Wednesday, October 31, 2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *