එජාප මන්ත‍්‍රී පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරියේදී මේජර් අජිත් ප‍්‍රසන්නට දරුණු ලෙස පහරදෙයි …

(01.11.2018 – 18:45 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍ෂ මන්තීවරුන් කිහිප දෙනෙකු අරලියගහ මන්දිරය ඉදිරියේදී තමනට දරුණු ලෙස පහර දුන් බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සදහන් කරයි.

තමන් අරලියගහ මන්දිරය ඉදිරිටයන් ගමන් කරමින් සිටියදී එහි සිටි පිරිසක් පැමිණ මෙසේ පහර දුන්නේ යයි ඔහු පවසයි.

එජාප මන්ත‍්‍රිවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මන්ත‍්‍රීවරුන්ද එම පිරිස අතර වූයේ යයිද ඔහු කියයි.

මෙම පහරදීම නිසා තම හිසටත් තවත් කිහිප තැනකටත් තුවාල වූ බවද ඔහු කියා සිටී.

අරලිය ගහ මන්දිරය අද වන විට මැරකල්ලි විසින් පාලනය කරන තැනක් වී ඇතැයිද පවසන ඔහු මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කල බවද කියයි.

අරලිය ගහ මන්දිරය අසලදී පාලිත තෙවරප්පෙරැමගෙන් අජිත් ප්‍රසන්නට මැර ප්‍රහාරයක්

Posted by විහාරමහා දේවි පරපුර viharamahadavi parapura on Thursday, November 1, 2018

++++++++++++++++++++++++

අරලියගහ මන්දිරය ඉදිරිපිට දී අජිත් ප්‍රසන්නට පහරදීමක්

(01.10.2018 – 18:24 +0530 – sinhala.adaderana.lk)

අද (01) සවස අරලියගහ මන්දිරය ඉදිරිපිට දී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහර දීමක් සිදුව ඇත.

සවස 2.30 ත් 3 ත් අතර කාලයේ දී ඔහු තවත් කිහිප දෙනෙකු සමඟ අරලියගහ මන්දිරය ඉදිරිපිටින් මාර්ගයේ පැමිණෙමින් සිටිය දී අරලියගහ මන්දිරය තුළ සිටි පිරිසක් විසින් මෙලෙස පහර දුන් බව අද දෙරණට අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතාරණ මහතා සහ තවත් පිරිසක් පැමිණ තමාට ඉතා අසභ්‍ය ලෙස බැන වැදෙමින් පහර දුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

හිසට හා ශරීරයට පහර දීම සිදුව ඇති අතර, පහර දීමෙන් අජිත් ප්‍රසන්න මහතාගේ ඇසට ඉහළින් තුවාල වීමක් සිදුව තිබේ.

පහර දීමෙන් අනතුරුව අදාළ ස්ථානයෙන් පලා ගිය ඔහු කොල්ලුපිටිය පොලීසියට මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ.

https://s3.amazonaws.com/adaderanasinhala/1541077165-A3.jpg
https://s3.amazonaws.com/adaderanasinhala/1541077166-A1.jpg
https://s3.amazonaws.com/adaderanasinhala/1541077165-A4.jpg
https://s3.amazonaws.com/adaderanasinhala/1541077166-A2.jpg

පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතව ඇති අතර, තමා නීතිඥයෙක් වශයෙන් එම ඇඳුමින් සැරසී සිටින විට මෙම ප්‍රහාරයට ලක්වීම ඉතා දැඩි ලෙස හෙළා දකින බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ අජිත් ප්‍රසන්න මහතා, අද වන විට අරලියගහ මන්දිරය මැරකල්ලි පාලනය කරන තැනක් බවට පත්ව ඇතැයි ද සඳහන් කළේය ෴

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *