උපකාරක පන්තියකදී 11 හැවිරිදි පාසල් සිසුවියකට පහරදුන් ගුරුවරිය අත්අඩංගුවට

උපකාරක පන්තියකදී පාසල් සිසුවියකට පහර දීමක්

(02.10.2018 – 12:10 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලික උපකාරක පන්තියකදී පාසල් සිසුවියකට පහර දීමක් සිදු කළ බව කියන 23 හැවිරිදි ස්වේච්ඡා පාසල් ගුරුවරියක්ව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 29 වැනිදා පුද්ගලික පන්තියේදී එම පහර දීම සිදු කර ඇති අතර, පොලීසියට ලද පැමිණිල්ලෙන් අනතුරුව 01 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත – වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවියක් වන අතර ඇය හලාවත නගරයේ පිහිටි බාලිකා විද්‍යාලයක 06 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටියි.

අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරිය හලාවත නගරයේ පිහිටි පාසලක ස්වේච්ඡා ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටින අයෙක් වන අතර ඇය හලාවත – වට්ටක්කල්ලිය ප්‍රදේශයේ නිවසක පැවැත්වූ පුද්ගලික පන්තියේදීම දැරිවිය පහර කෑමට ලක්ව ඇති ඇති බව පොලීසිය පවසයි.

පහර කෑමට ලක්වූ දැරිවිය ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට 30 වැනිදා ඇතුළත් කර තිබෙන අතර දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යැවීමට හලාවත මහා රෝහලේ වෛද්‍ය වරුන් කටයුතු කර ඇත.

අනතුරුව දැරිවියගේ පියා විසින් මේ බව හලාවත පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර ඇති අතර එම පැමිණිල්ලට අනුව ගුරුවරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබයි ෴

*****************************************

වසා දමා තිබු හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගය විවෘත කෙරේ

(01.11.2018 – 10:55 +0530 – hirunews.lk/sinhala)

නායයාම හේතුවෙන් වසා දමා තිබු හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගය ඊයේ (31) රාත්‍රියේ විවෘත කල බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඉකුත් මස 13 වෙනිදා මෙම මාර්ගයේ මිටර් 45 ක කොටසක් අසල පිහිටි නිවාස 5 ක් සමග කාසල්රි ජලාශයට නායයාම හේතුවෙනුයි මෙම මාර්ගය වසා දමනු ලැබුවේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයක් මත නායගිය ස්ථානයේම අලුතින් මාර්ගයක් ඉදිකර රථ වාහන ධාවනයට අවසර ලබා දී ඇත්තේ කොන්දේසි සහිතවයි.

එමෙන්ම ටොන් 8 වැඩි බර වාහන එම මාර්ගයේ ධාවනය තහනම් කර ඇති අතර සැහැල්ලු වාහනවලට එම තහනම බල නොපැවැත්වෙන් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, බර වාහන විකල්ප මාර්ග ඔස්සේ තවදුරටත් ධාවනය කරන ලෙසයි නොර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *