අග්‍රාමාත්‍ය ධුරය මහින්දට ලබා දීම ජනපතිගේ නුවනක්කාර තීරණයක්

(03.11.2018 – 14:37 +0530 – sinhala.adaderana.lk)

ජාතික ආණ්ඩුවෙන් ඉවත්විමට ජනාධිපතිවරයා ගත් තීරණයට බොහෝ පිරිසකගේ ප්‍රසාදය හිමිවන බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියන් අවධාරණය කරයි.

කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදි කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන් කඩවර ඥාණරතන හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියන්, හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන සංඝ නායක ආචාර්ය පූජ්‍යදේවාලේගම ධම්මසේන හිමියන් , රත්මලාන ධර්ම පර්යේෂණාලයේ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් මෙහිදි අදහස් පළ කළේය.

උන් වහන්සේලා පැසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කිරිම නුවනක්කාර තීරණයක් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *