සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ට ප‍්‍රථම වතාවට වර්චුවල් ටෙලර් යන්ත‍්‍රයක්

(03.11.2018 – nethnews.lk)

ප‍්‍රථම වතාවට වර්චුවල් ටෙලර් යන්ත‍්‍රයක් මෙරට ප‍්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක් වන සම්පත් බැංකුව විසින් ඉකුත්දා හදුන්වා දුන්නා.

ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සංවිධානය වූ ඉන්ෆෝ ටෙක් 2018 ප‍්‍රදර්ශනයේදීයි.

සම්පත් බැංකුවේ කළමණාකරණ අධ්‍යක්‍ෂ නන්ද ප‍්‍රනාන්දු මහතා මෙම නව හදුන්වාදීම පිළිබඳ අදහස් දැක්වූවා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මේ හරහා සිය පාරිභෝගිකයන්ට සේවා රැසක් ඉතා පහසුවෙන් ලබාගත හැකි බවයි.

*****************************************

අශෝක් පතිරගේ හේමාස් සදර්න් රෝහල රු. මිලියන 450 කට මිල දී ගනී

(05.11.2018 – biz.adaderana.lk)

මෙරට විශාලතම පෞද්ගලික රෝහල් ජාලය වන ආසිරි රෝහල් සමූහය විසින්, හේමාස් සදර්න් රෝහලේ පූර්ණ හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ.

මේ බව නිල වශයෙන් තහවුරු කරමින් ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් හා හෝමාස් හෝල්ඩිංග්ස් යන ලැයිස්තුගත සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් ඇත.

මෙම ගනුදෙනුව පසුගිය සිකුරාදා (02) සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් ආසිරි රෝහල් සමූහය කිසා සිටින්නේ සිය ආරෝග්‍යශාලා හා රසායනාගාර සේවාවන් දකුණු පළාත තුළ ව්‍යාප්ති කිරීමට මෙම ගනුදෙනුව බෙහෙවින් ඉවහල් වන බවයි.

මේ අතර හේමාස් සමූහය පවසන්නේ, මෙම ගනුදෙනුවෙන් පසුව හේමාස් සදර්න් රෝහල යටතේ සිටි සියලු කාර්ය මණ්ඩලය නව හිමිකාරීත්වය යටතට පත්වනු ඇති බවයි. එසේම මෙම කර්මාන්තයේ ඉහළ අත්දැකීම්ලත් ආයතනයක් වන ආසිරි රෝහල් සමූහය විසින් මෙම රෝහල තවදුරටත් වැඩිදියුණු කරමින් දකුණු ලක ජනතාවට විශිෂ්ට සේවාවක් ලබා දෙනු බවට ඉහළ විශ්වාසයක් ඇති බබ හේමාස් හෝල්ඩිංග්ස් වැඩිදුරටත් කියා සිටී.

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය දරනු ලබන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී, ආසිරි රෝහල් සමූහයේ ප්‍රධානතම කොටස්කරුවා වේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *