මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරමින් සිටි රාජිතයාට නැවතත් සෞඛ්‍ය ඇමතිකම දෙන්නැයි ඉල්ලා පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක…

(03.11.2018 – 22:51 +0530 – lankacnews.com ඇසුරෙන්)

රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා නව ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කරනු ලැබීය.

වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් කිහිප දෙනකුම කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රාජිත සේනාරත්න මහතා තරම් වැඩ කළ කිසි කෙනකු නොමැති බවයි.

සෞඛ්‍ය ඇමැති ලෙස නැවතත් රාජිත සේනාරත්න මහතා පත් වනවාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළකරන විරෝධතාවය ගැන විරෝධය පළ කරන බව ද ඔවුහු සඳහන් කළහ.

ඉක්මනින්ම තීන්දුවක් ගෙන නව රජයේ හෝ ඕනෑම රජයක සෞඛ්‍ය ඇමතිවරයා ලෙස වැඩ බාර ගන්නා ලෙස ද රාජිත සේනාරත්න මහතාගෙන් ඔවුන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම වෘත්තිය සමිති හිටපු ඇමතිවරයා විසින් උසිගන්වා ගෙන්වන ලද පිරිසක් බවත් ඔහු මෙම ආණ්ඩුවේ ද සෞඛ්‍ය ඇමැති ධුරයට කෙල හලමින් සිටි බවත්ය.

කිසිම ලෙසකින් සෞඛ්‍ය ඇමැති ලෙස රාජිත සේනාරත්න මහතා පත්කලහොත් නැවත නොදන්නවා රට පුරා වැඩවර්ජනයක් පවත්වන බවද ඔවුහු යළි යළිත් අවධාරණය කළහ.

*****************************************

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ බලාපොරොත්තුව

(04.11.2018 – 18:57 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නව අග්‍රාමාත්‍යවරයා පුළුල් විමර්ශනයක් සිදුකර ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු කරනු ඇති බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.

එහි සභාපති අනූෂා ජයන්ති මහත්මිය මේ බව කියා සිටියේ කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *