පාර්ලිමේන්තුව නොවැම්බර් 14 යළි කැඳවීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

(04.11.2018 – nethnews.lk)

පාර්ලිමේන්තුවේ නොවැම්බර් 14 යළි කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා උදෑසන 10 ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත බව නව ගැසට් නිවේදනයේ සදහන් කර ඇත.

+++++++++++++++++++++++++++++++++++++

නව රජයෙන් බලාපොරොත්තුවන දේ ඇල්ලේ ගුණවංශ හිමි හෙළිකරයි

(04.11.2018 – 22:07 +0530 – hirunews.lk/sinhala)

පුද්ගල න්‍යායපත්‍ර පසෙක තබා රටට න්‍යායපත්‍රයක් සකස් කරගනිමින් එය සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

ඒ නව අමාත්‍යාංශයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ දිව්රුම් දුන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවත ධර්ම ආයතනයට පැමිණ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක අශිර්වාද ලබාගත්තා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *