සන්ධාන රැළිය හෙට (05) පාර්ලිමේන්තු වට රවුමේ

(04.11.2018 – 19:14 +0530 – hirunews.lk/sinhala)

රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක්වීමට හෙට (05) පස්වරුවේ පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිමය රැළියට එක්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ රටේ ජනතාවගෙන් සියයට 75 කට වැඩි කොටසක් අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම පිළිගෙන ඇති බවයි.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

හෙට (05) පාර්ලිමේන්තු වටරවුම අවට විශේෂ රථවාහන සැලැස්ම

(04.11.2018 – 21:06 +0530 – sinhala.adaderana.lk)

නව ආණ්ඩුවට සහාය පළ කරමින් පාර්ලිමේන්තු වටරවුම අසලදී හෙට (05) පැවැත්වීමට නියමිත ‘ජන මහිමය’ ජනතා උද්ඝෝෂණය හේතුවෙන් ඒ අවට සියලු ආරක්ෂක විධි විධාන සලසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර එම ජනතා උද්ඝෝෂණය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව අද (04) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව කඩුවෙල, අතුරුගිරිය, මාලබේ සිට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහන කොස්වත්ත හංදියෙන් හෝ බත්තරමුල්ල හංදියෙන් වමට ගමන් කර පාලම් තුන හංදිය, කියන්හෑම් වටරවුම, ජපන් මිත්‍රත්ව පාර, කිඹුලාවල හංදි‍ය, පිටකෝ‍ට්ටේ හංදිය, පාගොඩ පාර ඔස්සේ නාවල හංදිය හෝ නාරහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකියි.

එසේම කොළඹ සිට මාලබේ, කඩුවෙල, අතුරුගිරිය දෙසට ගමන් කරන වාහන ආයුර්වේද වටරවුමෙන් ඉදිරියට ගමන් කර බුත්ගමුව පාර, අඹගහහංදිය, කළුපලුවාව පාර, හීනටිකුඹුර පාරෙන් කොස්වත්ත හංදියට ගමන් කර අතුරුගිරිය දෙසට ගමන් කළ හැකි බව අනාවරණය වෙයි.

මේ අතර පන්නිපිටිය, හෝකන්දර සිට තලවතුගොඩ හරහා කොළඹට ඇතුළු වන වාහන තලවතුගොඩ හංදිය, කිඹුලාවල හංදිය, පිටකෝට්ටේ හංදිය, පාගොඩ පාර ඔස්සේ නාවල හංදිය හෝ නාරහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකියි ෴

+++++++++++++++++++++++++++++++++++++

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී රතන හිමි මහින්දට

(04.11.2018 – gossiplankanews.com)

තමන් රජයට සහය දෙන බව එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රාජගිරිය සදහම් සෙවන අසපුවේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

ජනාධිපතිවරයා ගත් දේශපාලන තීන්දුව ඉතාමත් කාලෝචිත එකක් බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර එය වර්ණනා කරමින් එය ජනතාව අපේක්ෂා කළ තීරණයක් බව උන්වහන්සේ පවසා ඇත.

2014 වසරේ පොදු අපේක්ෂකයා එළි දක්වමින් මුලින්ම රාජිත මෛත්‍රී සමග මහින්ද ආණ්ඩුව විවේචනය කරමින් එලියට වැඩම කලේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ය ෴

පාර්ලිමෙන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ජනපති හා අග…

පාර්ලිමෙන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ජනපති හා අග…

Posted by Mahinda Samaga Rata Dinawamu මහින්ද සමග රට දිනවමු on Sunday, November 4, 2018
04.11.2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *