අගමැති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී

(04.11.2018 – 20:31 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) පස්වරුවේ ඓතිහාසික අනුරාධපුර පින්බිම වෙත පැමිණ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගත්තේය.

එම අවස්ථාවට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියේය.

ඓතිහාසික අනුරාධපුර පින්බිම වෙත අද පස්වරුවේ පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටුවාය.

අග්‍රාමාත්‍යවරයා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි.

අනතුරුව රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා පැමිණියාය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි මහසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදුටුවේ ඉන් පසුවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *