පිටරට තියෙන ඩොලර් හැකි ඉක්මනින් ලංකාවට එවන්න – ආචාර්ය බන්දුල ගුණවර්ධන

(04.11.2018 – 18:28 +0530 – lankadeepa.lk)

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වෙමින් පවතින නිසා ඩොලර්වලට වැඩි මිලක් ගන්නට නම් ඉක්මනින්ම තමන් සතු ඩොලර් රටට එවන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

අනේවාසික විදේශ මුදල් ගිණුම් පොලිය මත අය කරනු ලැබු රැඳවුම් බදු ඉවත් කර ඇති නිසා බැංකු හරහා මුදල් එවිය හැකි වෙතැයි ද හෙතෙම කියා සිටියේය.

තව දුරටත් ඩොලරයේ වටිනාකම රුපියලට සාපේක්ෂව වැඩි වේයැයි සිතා ඩොලර් ළඟ තබාගෙන නොසිටින්නැයි ද ඉතිසාහයේ වෙනත් කිසිදු රජයක් ලබා නොදුන් සහනයක් ලබා දී ඇති බැවින් එම අවස්ථාව ප‍්‍රයෝජනයකට ගන්නැයි ද ආචාර්ය ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.

මේ වනවිටත් විදේශගත ශ්‍රී ලාංකිකයින් තම ගිණුම්වලට මුදල් එවීම අරඹා ඇති නිසා ඩොලරයේ මිල අඩුවෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

ඉදිරියේ දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බදු සහන ලබා දීමට ආර්ථික පර්යේෂණ ඒකකය යෝජනා කර ඇති නිසා ඔවුන්ටත් බලාපොරොත්තු තබා ගෙන ඉදිරියට යා හැකි වන බව ද මන්ත‍්‍රීවරයා කීය.

විදේශයන්ගෙන් ආනයනය කරන දැව සඳ හා අය කරන බදු මුදල් ඉවත් කිරීමට ද යෝජනා කළ බව කී ගුණවර්ධන මහතා ආනයනික රෙදිවලට අයකරන බදු ඉවත් කිරීමට ද යොජනා කර ඇතැයි පැවසීය.

මෙම යෝජනා අතුරු අයවැයේ දී ක‍්‍රියාත්මක වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි ෴

+++++++++++++++++++++++++++++++++++++

අපිව කෑලිවලට කඩන්නද උඹව ගෙනාවේ.. මේක උඹේ විනාශයයි.. – සුමන්තිරන් අන්තිම පහත් ලෙස ජනපතිට බැණ වදී…

(05.11.2018 – 09:20 +0530 – lankacnews.com)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙමල සන්ධානය කෑලි කෑලිවලට කඩන්නට උත්සාහ කරන බවත් එය ඔහුගේ අවසානයේ ආරම්භය බවත් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්තිරන් පවසයි.

“අපේ ලුණු කාල ඇවිත් අපේ පක්‍ෂයෙ එක්කෙනෙක් සොරා ගෙන ඇමතිකමක් දීල තියනව. උඹට කොහොමද අපි සහාය පල කරන්නෙ. අපේ ජනතාව කෑලි කෑලිවලට කඩන්නද උඹව ගෙනාවෙ. අපිව කෑලි කෑලිවලට කඩන්න කුමන්ත‍්‍රණය කරන කපටියෙක්. මේ උඹේ විනශයේ ආරම්භයයි” යයි එම පක්‍ෂ ජන හමුවක් අමතමින් ඔහු සදහන් කලේය.

වවුනියාවේ තරුණ හමුවකදී මන්ත්‍රී සුමන්දිරන් පළ කළ අදහස්….

වවුනියාවේ තරුණ හමුවකදී මන්ත්‍රී සුමන්දිරන් පළ කළ අදහස්….

Posted by Mahinda Samaga Rata Dinawamu මහින්ද සමග රට දිනවමු on Sunday, November 4, 2018

+++++++++++++++++++++++++++++++++++++

එජාපයෙන් ආ අශෝක ප්‍රියන්තගේ නිවසට ආරක්ෂාව

(05.11.2018 – 12:42 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාගේ නාත්තන්ඩියේ පිහිටි නිවාස දෙකකට අමතර ආරක්ෂාවක් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නාත්තන්ඩිය – මරඳ ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ පස්වරුවේ බීමතින් පැමිණි පිරිසක් කළහකාරීව හැසිරීමේ සිද්ධියක් මත පදනම්ව මෙම පියවර ගෙන ඇති බවයි මාරවිල පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, නව රජයේ සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා.

එම ප්‍රවෘත්තිය මාධ්‍ය තුළින් ප්‍රචාරය වීමත් සමඟ යතුරුපැදිවලින් සහ මෝටර් රථයකින් පැමිණි පිරිසක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ තාත්තන්ඩිය – මරඳ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී විරෝධය පළ කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

මේ අනුව එම නිවසට අමතර ආරක්ෂාවක් ලබාදෙමින් අතිරේක පොලිස් නිලධාරීන් පිරිසක් නිවසේ රාජකාරි සඳහා යෙදවීමට ඊයේ රාත්‍රියේ සිට පොලීසිය පියවර ගෙන ඇති අතර, එම ප්‍රදේශයේ අතිරේක ජංගම මුර සංචාරයක් ද යොදවා තිබෙනවා.

මීට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නාත්තන්ඩිය – වීථියබණ්ඩාර මාවතේ පිහිටි නිවසටද අමතර ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව මාරවිල පොලීසියේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *