නීතීඥ අජිත් ප්‍රසන්නට පහරදුන් තෙවරප්පෙරුම සහ හේෂා අත්අඩංගුවට

(05.11.2018 – 11:53 +0530 – hirunews.lk/sinhala)

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරුප්පෙරුම සහ හේෂා විතානගේ කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද දිනයේ පොලිසිය වෙත භාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

අරලියගහ මන්දිරය ආසන්නයේදී පසුගිය 01 වනදා සිදු කළ මෙම පහර දීමෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා තුවාල ලැබූ අතර අනතුරුව ඔවුන්ට එරෙහිව පැමිණිල්ලක් ද සිදු කර තිබුණා.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

++++++++++++++++++++++++

තෙවරප්පෙරුමට හා හේෂාන්ට ඇප

(05.11.2018 – 14:48 +0530 – sinhala.adaderana.lk)

පහර දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂාන් විතානගේ මහතා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පසුගිය දා සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා අද (05) පෙරවරුවේ කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

පසුව මන්ත්‍රීවරුන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර තිබේ.

පසුගිය නොවැම්බර් මස 1 වන දින සවස අරලියගහ මන්දිරය ඉදිරිපිට දී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහර දීමක් සිදුව තිබුණි.

සවස 2.30 ත් 3 ත් අතර කාලයේ දී ඔහු තවත් කිහිප දෙනෙකු සමඟ අරලියගහ මන්දිරය ඉදිරිපිටින් මාර්ගයේ පැමිණෙමින් සිටිය දී අරලියගහ මන්දිරය තුළ සිටි පිරිසක් විසින් මෙලෙස පහර දුන් බව අජිත් ප්‍රසන්න මහතා කියා සිටියේය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතාරණ මහතා සහ තවත් පිරිසක් පැමිණ තමාට ඉතා අසභ්‍ය ලෙස බැන වැදෙමින් පහර දුන් බව පවසමින් ඔහු කොල්ලුපිටිය පොලීසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබුණි.

හිසට හා ශරීරයට පහර දීමක් සිදුව තිබු අතර, පහර දීමෙන් අජිත් ප්‍රසන්න මහතාගේ ඇසට ඉහළින් තුවාල වීමක් සිදුව තිබුණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *