ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

(05.11.2018 – 12:52 +0530 – hirunews.lk/sinhala)

ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ, ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නීතිඥ නාගහනන්ද කොඩිතුනක්කු මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලුණු අවස්ථාවේදියි.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලූණු අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මෙහිදී නීතිඥ ජේ. සී. වැලිඅමුණ පෙනී සිටියා.

*****************************************

“කැමරාව උදුරා ගෙන වීඩියෝ දර්ශන ඉවත් කරලා” ජන මහිමය වාර්තා කරන්න ගිය නෙත් මාධ්‍යවේදීන්ට ‘තග’ දැමූවේ කවුරුන්ද ?

(05.11.2018 – nethgossip.lk)

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ජනමහිමය උද්ඝෝෂණය මේ වනවිට කොළඹදී පැවැත්වීමට සුදානම්ව සිටිනවා.

මෙම අවස්තාව වාර්තා කිරීමට ගිය නෙත් එෆ් එම් වෙබ් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට යම් පිරිසකගෙන් බාධා සිදුව තිබෙනවා. අද (05) උදෑසන එකොළහට පමණ බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ජන මහිමය ප්‍රධාන වේදිකාව අසලට වාර්තා කිරීම් සදහා ගිය නෙත් මාධ්‍යවේදීන් දෙදෙනාට අනන්‍යතාවය හෙළි නොකළ පිරිසක් විසින් බාධා කිරීම් සිදු කර තිබෙනවා.

ජන මහිමය රැළියේ සංවිධාන කටයුතු වාර්තා කර පැමිණෙන අතරතුරදී මාධ්‍යවේදීන් පසුපස හඹා ආ මෙම පිරිස ඔවුන් මාර්ගයේදීම නතර කර කැමරා ආම්පන්න පැහැර ගනිමින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කර තිබෙනවා.

එහිදි එම පිරිස විසින් නෙත් මාධ්‍යවේදීන්ගේ කැමරා ඇතුලු උපකරණ උදුරාගෙන පටිගත කළ දර්ශන ඉවත් කිරීම සිදු කර තිබෙනවා. මෙහිදි නෙත් මාධ්‍යවේදීන් විසින් සිය මාධ්‍ය හැඳුනුම්පත් සහ කාර්යාල හැඳුනුම්පත් පෙන්වීම සිදු කළද එම පිරිස විසින් මෙලෙසට බාධා කිරීම නවතා නැහැ. තමන් කිසියම් ආරක්ෂක අංශයක බවත් මෙලෙසින් මාධ්‍යවේදීන් පටිගත කළ දර්ශන පරීක්ෂා කරන්නේ ආරක්ෂක විධි විධානයන්ට අනුව බව පවසා තිබේ.

මෙම බාධා කිරීම සිදු කළ පිරිස කවුරුන්දැයි නෙත් මාධ්‍යවේදීන් විසින් එම පිරිසෙන් ප්‍රශ්න කළ විට ඔවුන් සිය අන්‍යයතාව හෙළිකිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම සිදුවීම පිළිබදව ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන් අප ප්‍රශ්න කළ සිටි අතර එහිදි ඔහු ප්‍රකාශ කළේ සිදුවීම පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයේ වැඩබාරගැනීමේ උත්සවය ආවරණය කිරීමට ගිය නෙත් මාධ්‍යවේදියෙකුද මෙලෙසින් ආරක්ෂක අංශයන්ගෙන් පීඩාවට පත්වූවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *