කම්කරු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් මනූෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි

(06.11.2018 – 12:28 +0530 – hirunews.lk/sinhala)

කම්කරු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

%E0%B6%B8%E0%B6%B1%E0%B7%96%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ද ඔහු මේ වන විට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මේ අතර, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා, පාර්ලිමේන්තුව තුල තවදුරටත් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා, දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු නොකරන බවට චෝදනා කරමින් ඔහු මීට පෙර පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරනු ලැබුවා.

පවතින දේශපාලන තත්ත්වයත් සමඟ ඔහුගේ තීරණය කුමක් ද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි මේ බව කියා සිටියේ.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වීමෙන් පසුව දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී එස්. වියාලේන්දිරන් මහතා ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එක් වුණා.

පසුව ඔහුට නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ද හිමි වුණා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලෙයිනා ටිප්ලිට්ස් මහත්මිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවී තිබෙනවා.

අද පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ නිවසේදී මෙම හමුව සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++++

05.11.2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *